2020 දී රාජපක්ෂවරුන්ගේ පාලනයක් නැවත ස්ථාපිත වීමට බොහෝදුරට ඉඩ ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසි...
2020 දී රාජපක්ෂවරුන්ගේ පාලනයක් නැවත ස්ථාපිත වීමට බොහෝදුරට ඉඩ ඇති බව කොළඹ විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, ආචාර්ය නිර්මාල් රංජිත් දේවසිරි මහතා අවධාරණය කළේය.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඒෂියන් මිරර් මතවාද වැඩසටහනට සහභාගී වෙමිනි.
නමුත් වර්තමානයේ ඇත්තේ ඔවුන්ටද ජය ගැනීමට හැකියාවක් ඇති තරමේ ප්‍රශ්න නොවන බවත් යම් විකල්ප දේශපාලන අදහසක් මෙරට සමාජයට අවශ්‍ය බවත් රාජපක්ෂවරුන් නැවත බලයට පැමිණියද වර්තමානයේ තිබෙන දේශපාලන අර්බුදය පහසුවෙන් විසඳීමට හැකි ප්‍රශ්නයක් නොවන බවත් ඔහු සඳහන් කළේය.
අගමැතිවරයා පවසන පරිදි ණය කළමනාකරණයට විතරක් නොව ඊට එහා ගිය ආර්ථිකය පර්වර්තනයක් විය යුතු බවද හෙතෙම ප්‍රකාශ කළේය.
රටේ නව දේශපාලන කතිකාවක් අවශ්‍ය බවත් ඒ නිසා තමා ජනතා විමුක්ති පෙරමුණ මූලික කරගත් වෙනසක ඇරඹුම වේදිකාවට සහභාගී වන බවත් තමාගේ අරමුණ වූයේ කෙටි කාලීනව ඡන්ද ලබා ගැනීම නොවන බවත් යම් කිසි කතිකාවක් සමාජ ගත කිරීම බවත් දේවසිරි මහතා පෙන්වා දුන්නේය.
මැතිවරණය පැවැති පෙබරවාරි 10 වැනිදා පස්වරු 04.05ට තමාගේ ෆේස්බුක් ගිණුමේ සටහනක් තැබූ බවත් පසුගිය පළාත් පාලන මැතිවරණයේ නිල ඡන්ද ප්‍රතිපලය ප්‍රකාශ කිරීමට පෙරම තමා ඡන්ද ප්‍රතිපලය ගැන අනාවැකියක් පළ කළ බවත් පෙන්වා දෙන නිර්මාල් රංජිත් මහතා පොහොට්ටුව හෙවත් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණට සියයට 40ක් ද, එජාපයට සියයට 35ක්ද, ශ්‍රීලනිපයට සියයට 10ක්ද, ජවිපෙට සියයට 07ක්ද, යනුවෙන් තමා එලෙස අනාවැකියක් පලකළ බවත් කියා සිටියේය.
නිල මැතිවරණ ප්‍රතිපලවලින් පසුවද ඒ ආකාරයේම ප්‍රතිපලයක් තිබූ බවත් ඡන්ද ප්‍රතිපලය අනුව එජාපයට සුළු අඩුවක්ද, ශ්‍රීලනිපයට සුළු වැඩි වීමක්ද, ජවිපෙට සියයට 07ට වැඩිය සුළු අඩුවක් තිබූ බවත් ඔහු පෙන්වා දුන්නේය.
ලංකාවේ ඡන්ද දායකයින් ඡන්දය දෙන විදියක් තිබෙන බවත් එම ඡන්දය ප්‍රකාශය කරන විදිය අනුව ජවිපෙට විශාල බහුජන ඡන්ද පදනමක් නොමැති බවත් ඔහු එහිදී වැඩිදුරටත් පැවසී ය.
ඒෂියන් මිරර් මතවාද වැඩසටහන පහතින් නරඹන්න
COMMENTS