එහි දී කිසියම් පුද්ගලයෙකු උත්සව සභාවේ කථන පුවරුවේ සවිකොට තිබූ සිරස සන්නාමය සහිත මයික‍්‍රෆෝනය ගලවා ඉවත් කරමින් අදාල මාධ්‍යවේදියාගේ වෘත්ති...
එහි දී කිසියම් පුද්ගලයෙකු උත්සව සභාවේ කථන පුවරුවේ සවිකොට තිබූ සිරස සන්නාමය සහිත
මයික‍්‍රෆෝනය ගලවා ඉවත් කරමින් අදාල මාධ්‍යවේදියාගේ වෘත්තිය කාර්යය ද අවහිර කළ බව රූපවාහිනී දර්ශනවලින් පැහැදිළි වේ. සිරස ආයතනය පවසන අන්දමට ඒ සඳහා නියෝග දී ඇත්තේ දිගම්බරම් අමාත්‍යවරයාය.
මාධ්‍ය නිදහස සුරකිමින් බාධාවකින් තොරව මාධ්‍යවේදීන්ට සිය වෘත්තීය කටයුතු සිදු කර ගැනීමට ඉඩ සලසන බවට පොරොන්දු දුන් රජයක අමාත්‍යවරයෙකු මෙසේ හැසිරීම අතිශය කණගාටුදායකය. එසේම නිල ආරාධනාවක් ලබා සිටියදී මාධ්‍යවේදියෙකුට මෙලෙස බාධා කිරීම කිසියම් වාරණයකැයි පිළිගන්නා නිදහස් මාධ්‍ය ව්‍යාපාරය, වඩාත් පුළුල් මාධ්‍ය නිදහසකින් තොරව රට තුළ ප්‍රජාතන්ත‍්‍රවාදය හා යහපාලනය තහවුරු කළ නොහැකි බව අවධාරණය කරයි.
එසේම මේ වන විටදී ඉන්දික රොෂාන් මහතාට දිගම්බරම් මහතාගේ පාක්‍ෂිකයන් බව පවසන පිරිස් තර්ජනය කරන බවට වාර්තා වී ඇති අතර ඔහුගේ ආරක්‍ෂාව තහවුරු කිරීම රජයේ වගකීමක් බවද නිදහස් මාධ්‍ය ව්‍යාපාරය පෙන්වා දෙයි.
COMMENTS