දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
wimal weerawansha
Homeප්‍රවෘත්ති

wimal weerawansha

PropellerAds

ව ත්මන් ආණ්ඩුව ගෙවී ගිය වසර හතරහමාර පුරාම සිදු කළේ දෙමළ – මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දීම බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය දෙමළ – මුස්ලිම් ජ...

පොහොට්ටු ප‍්‍රබලයෙක් රිය අනතුරකින් මිය යයි
ඇමරිකා නිලධාරීන් පිරිසක් හිල්ටන් හෝටලයට පුපුරණ ද‍්‍රව්‍ය ගෙනැවිත්.. බෑග් පරීක්‍ෂාවට ඉඩ නොදේ.. ඇමරිකා තානාපති කාර්යාලයෙන් උදවු
ත්‍රස්ත්‍ර ප්‍රහාරයේ මහ මොලකරු සහරාන්ගේ බිරිඳගෙන් තවත් පැය දෙකක රහස් ප්‍රකාශයක්
ත්මන් ආණ්ඩුව ගෙවී ගිය වසර හතරහමාර පුරාම සිදු කළේ දෙමළ – මුස්ලිම් අන්තවාදයට උඩගෙඩි දීම බවත් එහි ප්‍රතිඵලයක් ලෙස සාමාන්‍ය දෙමළ – මුස්ලිම් ජනතාව අනාරක්ෂිත තත්ත්වයකට පත්ව ඇති බවත් පෙන්වා දෙන ජානිපෙ නායක විමල් වීරවංශ මහතා තමන්ගේ කඩෙන් බඩු මිලදී ගැනීමට එන සිංහල මිනිසකු වෙසෙන සුරක්ෂිත රටක් උවමනා නම් එවැනි රටක් හැදීමට හැකියාව ඇති ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපතිවරණයේදී දිනවීමට පෙරට එන ලෙස මෙරට සාමයට ලැදි මුස්ලිම් ජනතාවගෙන් ඉල්ලා සිටී.

ඒ මහතා මෙසේ පැවසුවේ පිළියන්දල නගර ශාලාවේදී පැවැති ‘රකින්නට මව්බිම එකතු වන ජනපවුර’ ජන හමුවෙහි විශේෂ දේශනය සිදු කරමිනි.

එහිදී අදහස් දැක්වූ විමල් වීරවංශ මහතා මෙසේද සඳහන් කළේය.

‘වැරදි තීන්දුවෙන් විනාශකාරී ප්‍රතිඵල’

ගෙවී ගිය වසර හතරහමාර තුළ මේ රටට බොහෝ දේ අහිමි වුණා. ප්‍රධානම දේ තමයි ජාතික ආරක්ෂාව අහිමි වීම. පසුගිය අප්‍රේල් විසිඑක්වැනිදා සිදු වූ මරාගෙන මැරෙන ප්‍රහාර සමග 400කට පමණ දිවි අහිමි වූවා පමණක් නොවෙයි ජාතික ආරක්ෂාව අහිමිව බියෙන් සලිත වූ ජනතාවක් වෙසෙන රටක් බවට මේ රට පත් වුණා. ආර්ථික වර්ධන වේගය 6.5% සිට 3% වඩා අඩු වී තිබෙනවා. ලක්ෂ සංඛ්‍යාත පිරිසකට රැකියා අහිමි වී තිබෙනවා. දේශපාලන ක්‍රියාවලියේදී රටක ජනතාව වැරදි තීන්දුවක් ගත්තොත් ලැබෙන්නේ මෙවැනි විනාශකාරී ප්‍රතිඵල. 2015 ජනවාරි 8 වැනිදා ගත්තු වැරදි තීන්දුවේ ප්‍රතිඵල අපි දැන් භුක්ති විඳිමින් ඉන්නවා.

කොටි ත්‍රස්තවාදය සමඟ යුද වැදී සිටින විටත් මේ රටේ ආර්ථිකය මීට වඩා ඉහළින් තිබුණේ. කොටි ත්‍රස්තවාදයටත් වඩා මේ රටේ ජනතාව මේ ආණ්ඩුවට බයයි. මුදල් යොදවා කිසිවක් කිරීමට ජනතාව පෙළඹෙන්නේ නැහැ. මේ ආණ්ඩුව ගැන ජනතාවට කිසිදු විශ්වාසයක් නැහැ. ජනාධිපති එකක් කියනවා, අගමැති තවත් එකක් කියනවා, ඇමැති ෆොන්සේකා වෙනස්ම එකක් කියනවා, ඇමති සජිත් තම්මැට්ටම – බිම්මට්ටම ගැන කියනවා. එහෙම තිබියදී දිනෙන් දින ජනතාවගේ ජීවිත බිඳ වැටෙමින් තිබෙනවා. විශේෂයෙන්ම මධ්‍යම පාන්තිකයන්ගේ ආර්ථික අවස්ථාවන් බිඳ වැටී අවසන්. විනෝදාස්වාදය හා බැඳුණු ව්‍යාපාර බිමට සමතලා වෙලා. සංගීත සංදර්ශන නැහැ. ඩ්‍රෝන කැමරාව දාලා මඟුල් ගෙදර වීඩියෝ කරගන්න බැහැ. ජන ජීවිතය ත්‍රස්තවාදී බියකින් වෙළා ගනිමින් තිබෙනවා. දැන් ‘පාර්ලිමේන්තුවේ 225ම එපා!. කියන මතයක් ගෙන ඒමට හැකි වී ඇත්තේ ‘රනිල් – මෛත්‍රී ඩබල’ දැකලා මේ රටේ ජනතාවට දේශපාලනය එපා වූ නිසයි. මේ අවුරුදු 04, දශක 04ක් වගෙයි ජනතාවට දැනුණේ.

‘එජාපයේ අපේක්ෂක පොරය’

ජනාධිපතිවරණය එන තෙක් මේ රටේ සිංහල, දෙමළ, මුස්ලිම් ජනතාව ඇඟිලි ගනිමින් සිටිනවා. අද මුළු රටම ප්‍රබල නායකත්වයක් ඉල්ලා සිටිනවා. එසේ තිබියදී තමයි අපේ කඳවුරෙන් ගෝඨාභය රාජපක්ෂයන් ජනාධිපති අපේක්ෂක ධුරයට නම් කළේ. ඔහු රටම ඉල්ලූ ජනාධිපති අපේක්ෂකයා නිසයි එලෙස නම් වූයේ. නමුත් බලන්න ‘එජාපයේ අපේක්ෂකයා හැටියට මෙයා හොඳයි’ කියලා ජනතාව ඉල්ලනවා ද? නැහැනේ. ඒ නිසා එහි නායකයන් හැමෝටම හිතෙනවා ‘මම හොඳයි’ කියලා. සජිත් ප්‍රේමදාස අපේක්ෂකත්වය ඉල්ලලා රට වටේ යනවා. පව් අසරණයා. ඒ යන ගමන් කියනවා, ‘මම යන්නේ මගේ පියානෝ ගිය මඟ’ කියලා. ‘පියානෝ’ ගිය මඟ අවසන් කළේ මේ රටේ තරුණ තරුණියෝ 60,000ක් බිල්ලට අරන්. ඒ විදියට 60,000ක් බිල්ලට ගත්තු – කොටින්ට ආයුධ දීපු ‘පියෝනෝ’ ගිය මඟ යන ‘පුතානෝ’ අද තමන්ගේ ජනාධිපති සිහිනය සැබෑ කර ගන්න මධ්‍යම සංස්කෘතික අරමුදල යොදා ගනිමින් සිටිනවා. චම්පික රණවක එයාට විතරක් ‘ඉන්න හිතෙන රටක්’ හදන්න යනවා. කොළඹ නගරය කුණුවලින් කුණු වෙද්දී ‘මහා නගර සංකල්ප’ ගැන පොර ටෝක් දෙන එයාත් දැන් ‘ජනාධිපති අපේක්ෂක ඇඳුම’ මහනවා. රාජිත ‘ඇඳුම’ මහලා බලා ඉන්නවා. රනිල් කල් තියාම ඇඳුම මහලා ‘මට ඉඩ දේවිද?’ කියා සිතමින් කල් මරනවා. ‘ගෝඨාභයගේ ප්‍රතිවාදියා වෙන්න මම තරම් සුදුසු කෙනෙක් එජාපයේ නැහැ’ කියමින් සරත් ෆොන්සේකාත් ‘ඇඳුම’ මහනවා. කරූ ජයසූරිය ඇඳුම මහලා ‘ෆෝටෝ ෂූට්’ කරනවා. එජාපයට දැන් අපේක්ෂකයෝ 06ක් ඉන්නවා. එක්කෙනෙක් තෝරපු ගමන් 05 දෙනෙක් අවුල් වෙනවා. රනිල් වික්‍රමසිංහ අපේක්ෂකයා නම් කිරීම දිනෙන් දින කල් දමමින් මේ පිපිරීම කල් දමා ගන්නවා. එජාප අපේක්ෂයාට ‘බාලගිරි දෝෂය’ වැලදිලා.

මේ එජාප අපේක්ෂකයෝ 06 දෙනාගෙන් කවුරු ආවත් එයාලා රණවිරු දඩයමට, භික්ෂූන්වහන්සේලා හිරේ දැමීමට, හම්බන්තොට වරාය චීනයට විකුණා දැමීමට විරුද්ධව එක වචනයක් කතා කරපු අය නොවෙයි. මේ නඬේ කවුරු ආවත් රටට අනාගතයක් හදන්න බැහැ. සජිත් ප්‍රේමදාස මහත්තයා සහරාන්ගේ ත්‍රස්තවාදයට එරෙහිව කටක් ඇරපු කෙනෙක් ද? ඒ පැත්තෙන් කවුරු ආවත් ඒ අය ‘සහරාන්ලාගේ – වහාබ් අන්තවාදයේ මිතුරෝ’. ‘ඊළඟ ආණ්ඩුවෙන් මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අනුමත කර ගන්නවා’ කියා දැනටමත් මංගල සමරවීර ඇමැතිවරයා කියා තිබෙනවා. ඒ කියන්නේ එයාලා සජිත් ප්‍රේමදාස ගෙන එන්නේ මිලේනියම් චැලේන්ජ් කෝපරේෂන් ගිවිසුම අත්සන් කරලා මේ රටේ අක්කර ලක්ෂ 12ක් ඇමරිකාවේ ආර්ථික කොරිඩෝව හදන්න පූජා කරන්න ද?

‘අනුර දිසානායක අගලක් කපනවා’

අනුර දිසානායක මහත්තයත් 2010දී සහ 2015දී එජාපයට සහාය දීලා, දැන් ගෝඨාභය රාජපක්ෂයන් නම් කළා කියපු ගමන්, ගෝල්ෆේස් පිට්ටනියේදී ‘මාර අත වැනිල්ලක්’ වනාගෙන ඇවිත්, මොකක්ද නමක් දාපු සංවිධානයක අපේක්ෂකයා වුණා. මෙයා ආවේ, 2015දී හංසයාට කතිරය ගහලා දැන් කලකිරී සිටින පිරිස් ගෝඨාභය මහත්තයාට ඡන්දය දීමට යන එක වළක්වාගන්නයි. ගෝඨාභය රාජපක්ෂයන් දෙසට යන පාර මැදින් ‘පුංචි අගලක්’ කපා ගන්නයි, මේ හාදයා හදන්නේ.

‘නාගයෝ – පොලොංගු එන හැටි’

එජාප, ජවිපෙ විතරක් නොවෙයි ගෝඨාභය රාජපක්ෂයන් අපේක්ෂකයා ලෙස නම් කළාට පසු ‘නාගයෝ සහ පොලොංගුත්’ අපේක්ෂකයන් ලෙස එනවා. ඒ සියලුම මොස්තරකාර අපේක්ෂකයෝ එන්නේ සිංහල ජන සමාජයෙන්. ඒකට හේතුව තමයි සිංහල ජන සමාජය තුළ ඕනෑම හොඳ හෝ නරක ප්‍රවණතාවකට කැමති පිරිස් සිටීම. දැන් බලන්න අර ‘ශ්‍රැතිය කමින්’ ගීත ගායනා කරපු ‘කුමාරි අක්කාත්’ ලංකාවේ ෙට්‍රන්ඩින්’ වෙනවා. නමුත් ‘ශ්‍රැතිය රකිමින්’ දුම්රියේ සිංදු කියපු කාන්තාවයි ඉන්දියානු ජන සමාජය ඉහළින් ඔසවා තැබුවේ. මේ තත්වය පාවිච්චි කරලා සිංහල ජන සමාජයේ ඡන්ද තීරු තීරුවලට බෙදන්නයි මේ මෝස්තරකාර අපේක්ෂකයන් ඉදිරිපත් වෙන්නේ.

‘ගෝඨාභය යනු කවරෙක් ද?’

ගෝඨාභය රාජපක්ෂයන් එක පක්‍ෂයකට කොටු වුණු කෙනෙක් නොවෙයි. ඔහු මහින්ද රාජපක්ෂයන්ගේ සොහෙයුරා වුවත් කිසිදු දේශපාලන පක්‍ෂයකට මීට ඉහත දී සම්බන්ධ වී සිටි අයෙක් නොවෙයි. ඒ නිසා මේ ආණ්ඩුව එපා වුණු එක්සත් ජාතික පාක්ෂිකයන්ටත් ගෝඨාභය තමන්ගේ අපේක්ෂකයා කරගත හැකියි. රටට සිදුව ඇති විපත ගැන කම්පා වන හැමදෙනාගේම අපේක්ෂකයා ගෝඨාභය රාජපක්ෂයන් තමයි. ඔහු පළල් ජනතා අපේක්ෂාවන් වෙනුවෙන් නිර්මාණය වුණු අපේක්ෂකයායි. එවැනි අපේක්ෂකයකු වටා තමයි මුළු රටටම එකතු විය හැක්කේ.

‘ගෝඨාභය දිනවිය යුත්තේ ඇයි?’

‘ගෝඨාභය රාජපක්ෂයන් දිනවිය යුත්තේ ඇයි?’ කියන පැනයට තවමත් උත්තර නැති අය ඉන්න පුළුවන්. ඒ අයට මගේ පිළිතුර මේකයි. ‘අපේ ජීවිත කාලයේ දැකපු ලොකුම කර්තව්‍යය ඉටු කළේ ගෝඨාභය රාජපක්‍ෂයන් නොවෙයිද ? දශක තුනක් තිස්සේ ඇදෙමින් තිබූ යුද්ධය ඔහු වසර තුනකින් අවසන් කළා. මහින්ද රාජපක්‍ෂ මැතිතුමන් යුද්ධය දිනවීමට අවශ්‍ය ඍජු තීරණ ගන්නා විට ත්‍රිවිධ හමුදාව සහ සිවිල් ආරක්‍ෂක බලකාය විශිෂ්ට අන්දමින් කළමනාකරණය කරමින් ඒ විජග්‍රහණය ලබා දුන්නේ ගෝඨාභය රාජපක්‍ෂයන් විසිනුයි. මෑත ඉතිහාසයේ ශ්‍රී ලංකාව ලබපු ලොකුම ජයග්‍රහණය එයයි.’

ඒ වගේම ලෝකයේ ශීඝ්‍රයෙන් දියුණු වන නගර අතරට ඔහු කොළඹ නගරය රැගෙන ආවා. නව නාගරික ජීවන රටාවක් ඔහු මේ රටට හුරු කළා. සෑම දෙයක් දෙසම අලුත් විදිහකට බැලුවා. ඇවිදින මංතීරු ආවා. කසළ තැන තැන දැමීම නතර වුණා. තමන් ‘කයිවාරුකාරයෙක්’ නොවෙයි ‘වැඩකාරයෙක්’ කියා ප්‍රායෝගිකව ඔප්පු කර පෙන්වූවා.

‘සුදු වෑන් ප්‍රබන්ධය’

ගෝඨාභය රාජපක්‍ෂයන්ගේ නියත ජයග්‍රහණය පිළිබඳව බිය වී සිටින මේ රටට සතුරු දෙස් විදෙස් බලවේග ගෙන යන ප්‍රචාරය වන්නේ ‘ගෝඨාභය හරි දරුණුයි’ කියන එක. ඒ සමගම ‘ගොතපු කතාව’ තමයි සුදු වෑන් කතාව. මේ පිළිබඳව පොලීසිය භාර අමාත්‍යවරයාව සිටි සාගල රත්නායකට, උදය ගම්මන්පිල මන්ත්‍රීවරයා ප්‍රශ්නයක් යොමු කර තිබුණා. ‘2010 – 2015 අතර කාලයේදී සුදු වෑන්වලින් පැහැරගෙන ගිය පිරිස කොපමණ ද? ඔවුන්ගේ නම්, ගම් විස්තර මොනවාද? පැහැරගනු ලැබුවේ කවර දිනයන්වලදී ද?’ වැනි ප්‍රශ්න කිහිපයක් ඊට අයත් වුණා. එවකට පොලීසිය භාර ඇමතිවරයා ඊට කල් ඉල්ලා තිබුණා. පසුව සාගල රත්නායක ඇමතිවරයා වෙනුවෙන් ඊට ආණ්ඩු පක්‍ෂයේ ප්‍රධාන සංවිධායක ගයන්ත කරුණාතිලක මහතා පිළිතුරු ලබා දී තිබුණා. ‘මෙම කාලය තුළ සුදු වෑන්වලින් කිසිවකු පැහැර ගෙන ගිය බවට වාර්තා වී නොමැත. ඒ නිසා ඉතිරි ප්‍රශ්න පැන නොනගී’ කියලයි ඒ පිළිතුරෙහි සඳහන් වුණේ. නැති සුදු වෑන් මැව්වා. ’ සුදු වෑන් ප්‍රබන්ධයක්’ හැදුවා. එතුමාට රෞද්‍ර ප්‍රතිරූපයක් හදන්නයි එහෙම කළේ. ගෙදර තිබුණු මාළු ටංකියේ මිනීමෝරු හිටියා කියලයි කටකතා මැව්වේ. මමත් ඒ මාළු ටැංකිය දැක තිබෙනවා. එයත් තනිකරම ප්‍රබන්ධයක්. මෙවැනි විසකුරු කතාවලින් මේ රටේ ජනතාවගේ ඔළු කුරුවල් කරන්නයි මේ හදන්නේ.

‘අභියෝග දෙකම ජය ගනිමු’

‘අලියා’ යළි ආවොත් මේ රට තවත් ඉරාකයක්, ලිබියාවක් බවට පත් වන බව ඔබට වැටහෙනවා ඇති. එය වැළැක්වීමට නම් ජය ගත යුතු අභියෝග දෙකක් තිබෙනවා. පළමුවැන්න ‘සහරාන්ලා’ නැවත හදිසි තත්වයක් හදලා, ඇමෙරිකන් හමුදාවන්ට මේ රටට ඇතුළුවීමට ඉඩකඩ හදා දෙන එක වැළැක්වීම. දෙවැන්න ඉහත කී ආකාරයට එළඹෙන ජනාධිපතිවරණයේදී සිංහල ජන සමාජයේ ඡන්ද තීරුවලට බෙදන්න ඉඩ නොදී ඉතිහාසයේ වැඩිම ඡන්ද ප්‍රතිශතයකින් ගෝඨාභය රාජපක්ෂයන් දිනවීමේ වගකීම අපේ දෙවුර මතට ගැනීම”

– අනුරුද්ධ බණ්ඩාර රණවාරණ




Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29279,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: wimal weerawansha
wimal weerawansha
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAAyu_Og2u7h6RNOJs5JPgEtWJzUxYhQLzNuQl_eldeRu0kHOCTub0Xba_uYgOj91cJNgYmJhp2Wg57LHiKfud8SwdjejBXfPVEzQH1K0tjpvNnMx6OwsMjMwHqQCQoPfK0UUjt_5UlpvW/s320/wimal.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEiAAyu_Og2u7h6RNOJs5JPgEtWJzUxYhQLzNuQl_eldeRu0kHOCTub0Xba_uYgOj91cJNgYmJhp2Wg57LHiKfud8SwdjejBXfPVEzQH1K0tjpvNnMx6OwsMjMwHqQCQoPfK0UUjt_5UlpvW/s72-c/wimal.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2019/09/wimal-weerawansha.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2019/09/wimal-weerawansha.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy