දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටෙලිකොම් සොරකමක්.
Homeප්‍රවෘත්ති

ටෙලිකොම් සොරකමක්.

PropellerAds

මහ බැංකු බැදුකම්ර වංචාවට නොදෙවැනි සොරකමක් කිරීමට ටෙලිකොම් සමාගම සැරසෙන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි. මේ බව ස...

මරාගෙන මැරෙන්න පුහුණු වූ තිදෙනෙකු අත්අඩංගුවේ.. තවත් 17ක් සොයා මෙහෙයුම්
ආණ්ඩුව ඉල්ලා අස්වී මැතිවරණ තියන්න කියන්නේ මිලේච්ඡයෝ.. තත්වය හොද වනතෙක් මැතිවරණ එපා.. කොතරම් කාලයක්දැයි කියන්න බෑ - ජවිපෙ නායක - (video)
මලකඩ සමඟ එන වැල්ලම්පිටියේ ත්‍රීස්ටාර් නූඩ්ල්ස් !

මහ බැංකු බැදුකම්ර වංචාවට නොදෙවැනි සොරකමක් කිරීමට ටෙලිකොම් සමාගම සැරසෙන බව පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සදහන් කරයි.

මේ බව සදහන් කරමින් එම සංවිධානය විසින් නිකුත් කර ඇති නිවේදනය මෙසේය.

බැදුකම්ර වංචාවට නොදෙවැනි සොරකමක් කිරීමට ටෙලිකොම් සමාගම සැරසේ! වහාම ඉස්තාලය වහන්න

මෙරට වාර්තාගත විශාලම සොරකම වන බැදුම්කර වංචාවට පිළිබදව පරීක්ෂණ පවත්වමින් සිටිද්දී  ටෙලිකොම් සමාගම විසින් කිරීමට සුදානම්  වන විශාල වංචාවක් හා දූෂණයක් පිළිබදව අප විසින්       හෙළිදරව්  කරන්නේ බැදුකම්ර වංචාවේදී සිදූවූ ආකාරයට අශ්වයා ගිය පසු ඉස්තාලය වැසීමෙන් ඵලක් නොවන නිසා හා හැකි ඉක්මනින් ඉස්තාලය වැසිය යුතු නිසාත්ය.

2017 මැයි 16 දින ටෙන්ඩර් අංක L/0178/2017 යටතේ ටෙලිකොම් සමාගම විසින් අබලි කේබල් තොගයක් විකිණීමට සුදානම් කර තිබුනු අතර 2017 ජුනි මස 9 වන දින  එම ටෙන්ඩර්පත් කැදවීම අවලංගු කොට තිබුනි.

නැවතත් 2017 ජූලි 13 වන දින ටෙලිකොම් සමාගම විසින් එම අබලි කේබල් තොගය විකිණීම සදහා අංක  L/0253/2017 යටතේ ටෙන්ඩර්පත් කැදවා තිබුනි. අංක L/0178/2017 ටෙන්ඩර් කැදවීම යටතේ ආරක්ෂක තැන්පතුව රුපියල් ලක්ෂ සියයකි (10,000,000/= එහෙත් ටෙන්ඩර් අංක   L/0253/2017 යටතේ ආරක්ෂක තැන්පතුව ලෙස සටහන් වූයේ රුපියල් ලක්ෂ පහකි (500,000/=ටෙන්ඩර් පත් නිකුත් කළ පසුව ආරක්ෂක තැන්පතුව  රුපියල්  පනස්දාහක් (50,000/=) බව ටෙන්ඩර්කරුවනට දන්වන ලදි.

ටෙලිකොම් සමාගම විසින් අමුඅමුවේ  ප්‍රසම්පාදන කාර්යය සංග්‍රහය උල්ලංඝණය කරමින් මෙම අබලි කේබල් තොගය අමාත්‍යවරයාට හිතැති සමාගම් දෙකක් වෙත පිරිනැමීමට කටයුතු කරමින් සිටින අතර මෙම ටෙන්ඩරයේ වඩාත්ම හාස්‍යජනක කාරණය වන්නේ මෙසේ ටෙන්ඩර්පත් කැදවීමෙන් විකිණීමට අදහස් කරනු ලබන අබලි කේබල් තොගයේ ප්‍රමාණය සදහන් කර නොමැතිවීමයි. ඒ අනුව අපට පෙනී යන්නේ සාර්ථක ටෙන්ඩර්කරුවා සමග අතයට ගනුදෙනුවක් කිරීමට ටෙලිකොම් සමාගම සැරසෙන බවය.

මෙම කේබල් තොගය බිම අතුරා ඇති අතර ඒ පිළිබදව වන සටහන් ටෙලිකොම් සමාගම සතුව පවතින බවත් එමගින් අදාල කේබල් තොගයේ බර පිළිබදව ඉංජිනේරුවරුනට පැහැදිලිව සටහන් කිරීමට හැකියාව තිබියදී මෙසේ අබලි කේබල් තොගයේ බර සදහන් නොකර ටෙන්ඩර් කැදවීම මගින් විශාල වංචාවක් හා දූෂණයක් කිරීමට ටෙලිකොම් සමාගම සැරසෙන බවට අප විසින් චෝදනා කරන අතර බැදුකරම් වංචාවට තම අත්දෙකම එසවීමට සිටින ගරු හරීන් ප්‍රනාන්දු ඇමතිවරයාගෙන් අප ඉල්ලා සිටින්නේ ටෙන්ඩර්පත් විවෘත කිරීමට නියමිත අගෝස්තු මස 10 වන දිනට පෙර එක් අතක් භාවිතා කරමින් ටෙලිකොම් සමාගමේ  මෙම වංචාව හා දූෂණය නැවැත්වීම සදහා කටයුතු කරන ලෙසයි. යහපාලනය ගෙන ඒම සදහා පළමු වෙඩි මුරය තැබූ බදුල්ලේ නායකයා තමා යයි පවසන ඇමතිවරයාගෙන් අප තවදුරටත් ඉල්ලා සිටින්නේ කථාවෙන් පමණක් නොව ක්‍රියාවෙන්ද එය ඔප්පුකර පෙන්වන ලෙසය. කෙසේවත් මෙම හොරකම කිරීමට අප කිසිවිටකත් ඉඩ නොදෙන බවද සදහන් කරමු.

ස්තුතියි
මෙයට විශ්වාසී,

රංජිත් විතානගේ
සභාපති
පාරිභෝගික අයිතින් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටෙලිකොම් සොරකමක්.
ටෙලිකොම් සොරකමක්.
http://ift.tt/2vFjiDi
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_240.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/08/blog-post_240.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy