දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මොරටුව සරසවියේ "බල්ලෝ මැරූ" කතාවේ ඇත්ත නැත්ත
Homeප්‍රවෘත්ති

මොරටුව සරසවියේ "බල්ලෝ මැරූ" කතාවේ ඇත්ත නැත්ත

PropellerAds

මොරටුව විශ්ව විද්‍යාල භූමියේ සිටි සුනඛයින් මරා දමන බවට වූ දර්ශන පෙළක් මේ දිනවල අන්තර්ජාලයට එක්කර තිබේ. කොළඹ අයාලේ යන සුනඛයින් නෙරපා හැරීම...

ඇතැම් රෝගීන් තම රෝග, කර්මයට බාර දී තිබූ යුගය නිමා කළා - රාජිත
ප්‍රියත් බන්දු වික්‍රමත් ආණ්ඩුව අන්දයි.
බන්ධනාගාර රෝගීන්ට දින පහකින් බෙහෙත් නෑ
මොරටුව සරසවියේ

මොරටුව විශ්ව විද්‍යාල භූමියේ සිටි සුනඛයින් මරා දමන බවට වූ දර්ශන පෙළක් මේ දිනවල අන්තර්ජාලයට එක්කර තිබේ.

කොළඹ අයාලේ යන සුනඛයින් නෙරපා හැරීම වෙනුවෙන් රජය රහසිගතව සතුන් මරා දමන බවට සමාජ ජාල වෙබ් අඩවි කිහිප වතාවක් මෙම දර්ශන වාර්තා කරමින් පවසා ඇත.

ඒ අනුව මොරටුව විශ්ව විද්‍යාලයේ සිටි සුනඛයින්ට ද එන්නතක් ශරීරගත කිරීමෙන් පසු මිය යන බවට එම රූප රාමුවලින් අනාවරණය විය.

කෙසේවෙතත් ඉන් අනතුරුව එලෙස මරා දමන සතුන් හෝමාගම ප්‍රදේශයේ පිහිටි එම විශ්වවිද්‍යාලයට අයත් ඉඩමක රහසිගතව වළලා දමන බව ද ඊයේ (17) වාර්තා වී තිබිණි.

සුනඛයින් ප්‍රමාණය පාලනය කර ගැනීම සඳහා එන්නතක් ලබා දී ඇති අතර ඉන් සුනඛයින් දෙදෙනෙක් මාත්‍රාව වැඩි වීමෙන් මිය ගොස් ඇති බව සම්බන්ධයෙන් මොරටුව විශ්වවිද්‍යාලයේ උපකුලපති මහාචාර්ය ආනන්ද ජයවර්ධන මහතාගෙන් විමසීමක් කළ අතර ඔහු වැඩිදුරටත් සඳහන් කළේ එය දැනගත් විගස එය නවතා දැමීමට ක්‍රියා කළ බවත් එය කිසිවිටකත් සැළසුම් කරන ලද ක්‍රියාවක් නොවන බවත්ය.

සුනඛයින් සම්බන්ධ මෙම ගැටළුවට යම් පිළියමක් ලබා දීමට ඉඩ තිබු බවත් එවැන්නක් සිදු නොකර සතුන් මරා දැමීම කණගාටුදායක තත්ත්වයක් බවත් එම්බාර්ක් සංවිධානයේ ප්‍රධාන විධායක අධ්‍යක්ෂිකා ඔටාරා ගුණවර්ධන මහත්මිය ප්‍රකාශ කළාය.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වමින් පුජ්‍ය ඇල්ලේ ගුණවංශ හිමියන් පවසා සිටියේ උගතුන් බිහිකරන ස්ථානයක සිදු වු මෙම හිංසාකාරී ක්‍රියාව කිසිසේත් අනුමත කළ නොහැකි බවයි.

කෙසේ වෙතත් එල්ල වන චෝදනා සම්බන්ධයෙන් පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා අදහස් දක්වමින් කියා සිටියේ අයාලේ යන සුනඛයින් සම්බන්ධයෙන් ගැටළුවක් පවතින බවත් එයට ක්‍රියාමාර්ග ගත යුතුව ඇති අතර සුනඛයින් මරා දැමීම කිසිසේත් අනුමත නොකරන බවයි.

 

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මොරටුව සරසවියේ "බල්ලෝ මැරූ" කතාවේ ඇත්ත නැත්ත
මොරටුව සරසවියේ "බල්ලෝ මැරූ" කතාවේ ඇත්ත නැත්ත
http://ift.tt/2u56l3i
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_448.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/07/blog-post_448.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy