වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්මලී තේනුවර කොළඹ මහ රෝහලට මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝග කර තිබුණත් එය ක්‍රියාත්මක නොවීම හේතුවෙ...
වැලිකඩ බන්ධනාගාර රෝහලේ වෛද්‍ය නිර්මලී තේනුවර කොළඹ මහ රෝහලට මාරු කිරීමට සෞඛ්‍ය අමාත්‍යාංශය නියෝග කර තිබුණත් එය ක්‍රියාත්මක නොවීම හේතුවෙන් මෙසේ බන්ධනාගාර රෝහලේ වෛද්‍යවරුන් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ. පසුගිය දා ලලිත් වීරතුංග සහ අනූෂ පැල්පිට යන රැඳවියන්ට සියළු ක්‍රම පටිපාටි උල්ලංඝනය කරමින් රෝහල් ගතවීමට අවස්ථාව සලසා දුන්නේ මෙම නිර්මලී තේනුවර නම් වෛද්‍යවරිය වන අතර එම දූෂිත ක්‍රියාවලිය සම්බන්ධයෙන් දැඩි විරෝධයක් ද පැන නැඟී තිබිණි.
කෙසේවෙතත් සෞඛ්‍ය අමාත්‍යාංශය මෙම වෛද්‍යවරිය මාරු කිරීමට කටයුතු කළ බවට පුවත්පත් නිවේදනයක් නිකුත් කළ ද මේ දක්වා එය ක්‍රියාත්මක වී නැත. මෙයින් පීඩාවට පත් වී ඇත්තේ බන්ධනාගාර රැඳවියන් බව පෙන්වා දෙන බන්ධනාගාර රැඳවියන්ගේ අයිතිවාසිකම් සුරැකීමේ කමිටුව අදාල වෛද්‍යවරියගේ ස්ථාන මාරුව වහාම ක්‍රියාත්මක කර නැවත රැඳවියන්ගේ වෛද්‍ය ප්‍රතිකාර කටයුතු ආරම්භ කරන මෙන් බලධාරීන්ගෙන් ඉල්ලා සිටී.
COMMENTS