දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ප්‍රියත් බන්දු වික්‍රමත් ආණ්ඩුව අන්දයි.
Homeප්‍රවෘත්ති

ප්‍රියත් බන්දු වික්‍රමත් ආණ්ඩුව අන්දයි.

PropellerAds

රාජපක්ෂ පවුලේ රහස්‍ය මූල්‍ය ගනුදෙනු පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන බව ආණ්ඩුවට පවසමින් තමන්ට එරෙහි නීතිමය කටයුතු යටපත් කරගෙන සිටින සජින් වාස...

ගෝටාභය දෙමල සන්ධානය හමුවේ.. ජනාධිපතිවරණ ගැන සාකච්චා..
හඬ පටය තමන්ගේ බව අන්තිමේ දිල්රුක්‍ෂි පිලිගනී..
ශ‍්‍රීලනිපය දෙකඩයි.. කොටසක් ගෝටාට.. කොටසක් වෙනම..

රාජපක්ෂ පවුලේ රහස්‍ය මූල්‍ය ගනුදෙනු පිළිබඳව තොරතුරු හෙළිදරව් කරන බව ආණ්ඩුවට පවසමින් තමන්ට එරෙහි නීතිමය කටයුතු යටපත් කරගෙන සිටින සජින් වාස් ගුණවර්ධන පිළිබඳව ලංකා නිව්ස් වෙබ් අපි පසුගිය ලිපි කිහිපයකින් ම හෙළිදරව් කළෙමු. ආණ්ඩුවත් සමඟ මෙම ගොනාට ඇන්දීමේ ක්‍රීඩාවෙහි නිරත වී සිටින්නේ සජින් වාස් පමණක් නොවේ. හිටපු වරාය සභාපති ප්‍රියත් බන්දු වික්‍රම ද නියැළී සිටින්නේ එම ක්‍රියාවලියෙහිමය.  

පසුගිය ජනාධිපතිවරණ සමයේදී වරාය අධිකාරියේ සේවකයින් 319 දෙනෙකු ඔවුන්ගේ නිල රාජකාරිවලින් ඉවත් කර මැතිවරණ ප්‍රචාරක කටයුතු සඳහා යෙදවීම මඟින් රජයට රුපියල් කෝටි ගණනක මූල්‍යමය පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් වරාය අධිකාරියෙහි හිටපු සභාපතිවරයා වූ ප්‍රියත් බන්දු වික්‍රමට එරෙහිව චෝදනා එල්ල වී තිබිණි. ඒ පිළිබඳව ජනාධිපති විශේෂ විමර්ශන ඒකකය මඟින් පරීක්ෂණයක් ද පැවැත්වුණු අතර ඔහුට එරෙහිව විදෙස් ගමන් තහනමක් ද පනවා තිබුණුමුත් පසුව එය ද ඉවත් කරගන්නා ලදී. දැන් එම චෝදනාව පිළිබඳව කිසිදු ක්‍රියාමාර්ගයක් ගැනෙන්නේ නැත. 

ප්‍රියත් බන්දුට ඇත්තේ ඒ චෝදනාව පමණක් නොවේ. ඔහුට එරෙහිව මුදල් විශුද්ධිකරණය යටතේ ද චෝදනා තිබේ. පසුගිය රාජපක්ෂ පාලන සමයේ හිටිවන ම කෝටිපතියන් වූ පිරිස අතරින් ප්‍රියත් බන්දු වික්‍රම ද එක් අයෙකි. ඔහුගේ ආදායම් සහ වියදම් පාර්ශ්ව කිසිසේත් ගැලපෙන්නේ නැත. ඒ අනුව ඔහු තහවුරු කළ නොහැකි ආකාරයන්ගෙන් මුදල් උපයාගෙන තිබෙන බව පරීක්ෂණ වල දී හෙළිදරව් වී තිබේ. මේ සම්බන්ධ විමර්ශන කටයුතු 2015 මාර්තු වන විටම අවසන් වී ඇතත් ප්‍රියත් බන්දු නීතිය හමුවට කැඳවෙන්නේ නැත. 

සජින් වාස් මෙන් ම ප්‍රියත් බන්දු වික්‍රම ද ආණ්ඩුවේ පාර්ශ්ව තමන්ට අවශ්‍ය පරිදි සූක්ෂම ලෙස හසුරුවාගෙන සිටී. ඔවුන් පවසන්නේ රාජපක්ෂ පවුලේ රහස් තොරතුරු ආණ්ඩුවට ලබාදෙන බවයි. එහෙත් ඔවුන් කරමින් සිටින්නේ ආණ්ඩුවේ යම් යම් පුද්ගලයින්ට මුදල් කුට්ටි පිටින් ලබා දෙමින් තමන්ගේ ආරක්ෂාව සලසා ගැනීමයි. 

ඔවුන් සලසා ගෙන ඇති රැකවරණය කෙතරම් ද යත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට උත්සුක වන සියළුම පාර්ශ්වයන් දැන් පත්ව සිටින්නේ මහත් අසරණ තත්වයකටය. සජින්ලා ප්‍රියත්ලා කොතරම් බලවත් ද යත් ඔවුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොකර සිටින්නැයි ජනාධිපතිවරයාගේ, අගමැතිවරයාගේ පටන් බලපෑම් එල්ල වෙමින් තිබේ. 

හොරුන් අල්ලා දඬුවම් කරන බව කියා බලයට පැමිණි ජනාධිපතිවරයාගෙන් සහ අගමැතිවරයාගෙන් අපට විමසීමට ඇත්තේ "ඇයි, මේ හොරුන් නොවේද ?" කියාය. කයිවාරු නම් කාටත් දෙඩවිය හැකිය. වැදගත් වන්නේ ක්‍රියාවයි. ආණ්ඩුවේ කාලයෙන් අඩක්ම නිමවෙමින් තිබියදීත් මේ නීලකාස හොරුන්ට එරෙහිව ආණ්ඩුව ක්‍රියාත්මක වන ආකාරයක් පෙනෙන්නට නැත. යහපාලනය තවත් එක සුරංගනා කතාවක් නොවන්නට නම් මෙවන් හොරුන්ට, වංචාකරුවන්ට තවදුරටත් නොරැවටී ඔවුන්ව අධිකරණය ඉදිරියට පමුණුවා දඬුවම් කළ යුතුව ඇත.

(LNW)

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29283,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ප්‍රියත් බන්දු වික්‍රමත් ආණ්ඩුව අන්දයි.
ප්‍රියත් බන්දු වික්‍රමත් ආණ්ඩුව අන්දයි.
http://ift.tt/2xmD7x8
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_657.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/09/blog-post_657.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy