ඊට හේතුවී ඇත්තේ මහා පරිමාණ දූෂණ පිළිබඳව විමර්ශන කරන ජනාධිපති කොමිෂන් සභාව සිය විමර්ශනයක් සඳහා පැමිණෙන ලෙස හිටපු ජල සම්පාදන අමාත්‍ය දිනේෂ්...
ඊට හේතුවී ඇත්තේ මහා පරිමාණ දූෂණ පිළිබඳව විමර්ශන කරන ජනාධිපති කොමිෂන් සභාව සිය විමර්ශනයක් සඳහා පැමිණෙන ලෙස හිටපු ජල සම්පාදන අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දන්වා යවා තිබේ. එසේ කැඳවා ඇත්තේ පසුගිය ජූලි මස 10 වැනිදා පෙරවරු 10 ට බණ්ඩාරනායක අනුස්මරණ සම්මන්ත්‍රණ ශාලාව වෙත ය.
හරියටම 9.50 වනවිට අනාරාධිත විශේෂ අමුත්තෙකු කොමිෂන් සභා පරිශ්‍රය තුළට පැමිණෙනු දැක සියලු දෙනා ඒ පිළිබඳව විමසිලිමත් වී ඇත. මන්ද යත් කොමිෂන් සභාව විසින් එකී විමර්ශනය සඳහා එම තැනැත්තාව කැඳවා නොමැති වීම නිසාවෙනි. ඔහු, අන් කවරෙකුවත් නොව හි.ජ.කු.පා.ම. මහින්ද රාජපක්ෂ ය.
ඔහු වෙත ගිය කොමිසමේ නිළධාරීන් පැමිණියේ ඇයිදැයි ගරුසරුව විමසා ඇත.
'නෑ... නෑ.... මේ අපේ දිනේෂ්ට ඕගොල්ලො එන්න කියලා තියනව නෙ. මම එයාට පොඩි මොරාල් එකක් දෙන්න තමයි ආවෙ' යනුවෙන් කොමිසමේ නිළධාරීන්ට හිටපු ජනාධිපතිවරයා පිළිතුරු දී පිටත් කර යවා ඇත. පසුව ලඟ ඇති අසුනක හරිබරි ගැහී වාඩිවී ඇති මහින්ද රාජපක්ෂ මහතා සුපුරුදු පරිදි කකුල් දෙක දෙපසට පද්දමින් ලඟ සිටියවුන්ට පවසා ඇත්තේ 'මේ යෝදයා තාමත් නෑ. හරියට මම ඇකියුස් වගේ. කොහොම උනත් ඉතිං මේ යෝදයට කෙලඋනේ අපි කියපු දේවල් කරන්න ගිය නිසා නෙ. දැන් ඉතිං මෙහෙම හරි ඇවිල්ලා මේ අයත් එක්ක වාඩිවෙලා ඉන්න එක තමයි මට කරන්න තියෙන්නෙ.' කියාය.
දිනේෂ්ගේ ජල කෙලි පෙළක් පිළිබඳව මුලින්ම හෙලිකරන ලද්දේ ලංකා නිවුස් වෙබ් අඩවියයි.
COMMENTS