හෙරොයින් තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි නේපාල ජාතික ගුවන් මගියෙකු අද (30) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද...
හෙරොයින් තොගයක් ගුලි වශයෙන් සකස් කර , ඒවා ගිල දමා පැමිණි නේපාල ජාතික ගුවන් මගියෙකු අද (30) දින අලුයම කටුනායක ගුවන් තොටුපොළේ දී පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොහු 41 හැවිරිදි නේපාල ජාතිකයෙකි. ඔහු අද (30) අලුයම 1.30 ට පමණ ඩුබායි සිට පැමිණි ෆ්ලයි ඩුබායි ගුවන් සේවයේ එෆ්.ඉසෙඩ් - 557 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
මෙම පුද්ගලයා හෙරොයින් ගුලි වශයෙන් සකස් කර ගිල දමා පැමිණ ඇති බැව් එක්ස් - කිරණ සහ ස්කෑන් පරීක්ෂාවන් වලදී අනාවරණය කර ගත් කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් වහාම මෙම නේපාල ජාතිකයා මීගමුව මහ රෝහල වෙත ඇතුළත් කර තිබේ .
මේ වනවිට මීගමුව රෝහල් වෛද්‍යවරුන් මෙම නේපාල ජාතිකයාට විරේක බෙහෙත් ලබා දෙමින් විරේක කටයුතු ආරම්භ කර ඇති බව රෝහල් ආරංචි මාර්ග සදහන් කරයි.
කටුනායක ගුවන් තොටුපොළ පොලිස් මත්ද්‍රව්‍ය නාශක අංශයේ නිලධාරීන් මීගමුව මහ රෝහල රැදී සිටිමින් මේ පිළිබඳව වැඩිදුර විමර්ශන කටයුතු ආරම්භ කර තිබේ .
(කටුනායක ටී.කේ.ජී.කපිල )
COMMENTS