ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව විශ්වාසයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි...
ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාට අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පිළිබඳව විශ්වාසයක් නොමැති බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පවසයි.
ඒ අද (30) දිවුලපිටිය ප්‍රාදේශීය සභා නව ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමිනි.
එහිදී ඒ මහතා මෙසේ අදහස් දැක්වීය.
“අද විශ්වාසභංග යෝජනාවක් ගෙනල්ලා තියෙනවා අවුරුදු 3යි ගියේ. ආණ්ඩුවක් පිහිටලා අගමැතිවරයෙක් දාලා විශ්වාසභංග යෝජනාවක් අපි ගෙනාවා. මට අද හාමුදුරුවෝ කෙනෙක් කියනවා ඔබතුමා අත්සන් කරාද කියලා. භාර දෙන්න ගිය එක නම් ඇත්ත. අත්සන් දැක්කේ නෑ කියලා. හාමුදුරුවෝ මම උත්තර දෙන්න කලින් කියනවා කොහොමත් ඔබතුමාට විශ්වාසයක් තිබුණේ නැහැනේ මුන් ගැන විශ්වාසභංගයක් ගේන්න. මන් ටිකක් කල්පනා කළා නායක හාමුදුරුවෝ මොකක්ද මේ කිව්වේ කියලා. අපිට කොහොමත් විශ්වාසයක් තිබුණේ නැහැනේ රනිල් ගැන. මේවා කරයි කියලා. නමුත් අපි මේක කළේ රටේ විශ්වාසය කරපු හින්දා. මේකේ වෙනස ඒකයි. මේ අපේ අගමැති මෙයා හොඳ වැඩකාරයෙක් කියලා හිතාගෙන හිටපු කට්ටියම අත්සන් කරලා කියනවා මෙයාට වැඩ බැහැ කියලා එයා පෙන්නනවා.”
“ඉතින් එහෙම නම් ඒක තමයි අද ඇවිල්ලා තියෙන්නේ. මම හිතනවා එතුමා ලොකු අමාරු තත්ත්වෙක ඉන්නේ. එක්සත් ජාතික පක්ෂයේ උදවියත් අත්සන් කරන්න ලෑස්ති වෙනවා. අපි උපදෙස් දුන්නා අත්සන් කරන්න ඕනේ නැහැ කියලා. මොකද 20ක් අත්සන් කරාම ඇති ඕකට. අපි දැන් බලාගෙන ඉන්නවා ජනාධිපතිතුමා ගන්නා ක්‍රියා මාර්ගය මොකක්ද? එතුමාට තවම මේ විශ්වාසය තියේද නැද්ද කියලා එතුමා පෙන්නුම් කරන්න ඕනේ. නමුත් ඊයේ ගැසට් එකෙන් තමාගේ මතය ප්‍රකාශ කළා. මහ බැංකුත් අගමැතිට දීපු තරුණ සේවා එකත් ආපහු පවරා ගත්තා. එතකොට එතුමාටත් විශ්වාසයක් නැතෙයි කියලා තමයි බොහොම පැහැදිලිව ඒකෙන් කියන්නේ.” යැයිද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.
COMMENTS