දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ටෙලි නළුවෙක් නිසා බඳින්න කලින්ම මඟුල හබක්
Homeප්‍රවෘත්ති

ටෙලි නළුවෙක් නිසා බඳින්න කලින්ම මඟුල හබක්

PropellerAds

පසුගිය සති අන්තයේ දිවුලපිටිය සහ කඩවත යන ප්‍රදේශවල පවුල් දෙකක් කතරගම වන්දනාවේ ගියහ. ඒ එම පවුල් දෙකේ තරුණයකුගේත් තරුණියකගේත් ළඟදී සිදුකිරීමට ...

උතුරේ ආණ්ඩුකාරවරයාගෙන් දෙමළ දේශපාලඥයින්ට චෝදනාවක්
සංවර්ධනය පෙන්වා කිලිනොච්චියේ මහා පරිමාණ වැලි ජාවාරමක්
"උතුරේ සිටින්නේ 14000ක පමණ හමුදා පිරිසක් පමණයි" - යාපනය ආඥාපති
පසුගිය සති අන්තයේ දිවුලපිටිය සහ කඩවත යන ප්‍රදේශවල පවුල් දෙකක් කතරගම වන්දනාවේ ගියහ. ඒ එම පවුල් දෙකේ තරුණයකුගේත් තරුණියකගේත් ළඟදී සිදුකිරීමට නියමිත විවාහ මංගල්‍යය සාර්ථක කර ගැනීම සඳහා කතරගම දෙවියන්ට බාරයක් වීම සඳහාය. එම විවාහපේක්ෂිත තරුණිය, තරණයා, ඔවුන්ගේ මාපියන්, සොයුරු සොයුරියන් ඇතුළු දාහතර දෙනෙක් එම වන්දනා නඩයට අයත්ව සිටියහ.


මුලින්ම කතරගම කිරි වෙහෙර වැද පුදාගත් ඔවුහු ඉන් පසුව කතරගම දෙවොලට පැමිණ විවාහ මංගල්‍යයෙන් පසු ඔප්පු කිරීම පිණිස කතරගම දෙවියන්ට බාරයක් ද වූහ.

ඉන් පසු මෙම පිරිස ආපසු රථ ගාල බලා එමින් සිටිය දී දෙවොලට වන්දනාවේ යන පිරිස් අතරේ සිටි තරුණයකු දුටු තරුණිය එක්වරම තිගැස්සුණාය. ඒ සමඟම ඒ තරුණයා ද තරුණිය දැකීමෙන් මහත් සතුටට පත්ව ඉදිරියට අවුත් ඇගේ දෑතින්ම අල්ලා ඇය තමන් වෙතට ළං කර ගත්තේය. ඔහු නව පරපුරේ ජනප්‍රිය ටෙලි නළුවෙකි.  එබැවින් කතරගම දෙවොලට වන්දනාවේ යන සෙසු බැතිමතුන්ද හැරි හැරී ඒ දෙස බලමින් යන්නට වූහ.

තම විවාහ අපේක්ෂිත තරුණයා ඇතුළු ඔවුන්ගේ වැඩිහිටියන් ඉදිරියේ වූ මෙම සිද්ධියෙන් තරුණිය මහත් තිගැස්මකට ලක් වූ අතර “මේ මම මැරි කරන්න ඉන්න මහත්තයා; මේ එයාගේ අම්මා, තාත්තා”  ආදී වශයෙන් එම නළුවාට තමන් සමඟ ගිය කණ්ඩායම හඳුන්වා දෙන්නට විය.

“මෙයාව කවුරුත් දන්නවනේ; මේ මගේ හොඳම යාළුවෙක්; ඉස්සර අපි එකට ඩ්‍රාමා කෝස් එකක් කරලා තියෙනවා.”

ඒ සමඟම නිදහසට කරුණු දක්වන්නාක් මෙන් එම තරුණිය තම අනාගත සහකරුට සේම තමන් සමඟ පැමිණි පිරිසට කීවාය.

එතෙක් සාර්ථකව නිමවෙමින් තිබූ මේ වන්දනා ගමනේ සතුට එතැනින්ම නිමා විය. වාහනයෙන් බසින මොහොතේ පවා එම තරුණයා හෝ ඔහුගේ පාර්ශවයේ කිසිවෙක් එම තරුණියගේ මුහුණ දෙසවත් නොබැලූහ. වන්දනා ගමන නිමවීමෙන් පසු එම තරුණියගේ මවට දුරකතන ඇමතුමක් ලැබුණි. ඒ තරුණයාගේ මවගෙනි.

“අපිට කොහොමත් කතරගම දෙවිහාමුදුරුන්ගේ පිහිට තියෙනවා; උන්වහන්සේට පින්සිද්ද වෙන්න තමයි අපේ ළමයා ඔය මර උගුලෙන් බේරුණේ; කතරගම දෙයියො ඔය නළු බට්ටව අපි ඉස්සරහට එව්වෙ නැත්තං අපේ කොල්ලට ගෙදර ගේන්න වෙන්නෙ මහපාරෙත් බයිස්කෝප් නටන ඉස්කුරුප්පුවක් තමයි.” තරුණයාගේ මව කෝපයෙන් කිව්වාය.

 “ඔයාලා ඕක ‍ඔච්චර ගණන් ගන්න එපා ඒ කොල්ලා අපේ දුවත් එක්ක ඩ්‍රාමා කෝස් එකක් කරලා තියෙනවා;එච්චරයි.” තරුණියගේ මව කීවාය.

“ඔයාගේ දුව ඌත් එක්ක ඩ්‍රාමා කෝස් එකක් කරන්න ඇති; ඒත් ඔයාගේ දුවව බැඳගත්තොත් අපේ කොල්ලට කරන්න වෙන්නෙ ඩ්‍රාමා කෝස් එකක් නෙමෙයි අනාත කෝස් එකක්.” තරුණයාගේ මව දුරකතනය විසන්ධි කළාය.

එස්.ටී.පී සිල්වා
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ටෙලි නළුවෙක් නිසා බඳින්න කලින්ම මඟුල හබක්
ටෙලි නළුවෙක් නිසා බඳින්න කලින්ම මඟුල හබක්
http://ift.tt/2sROZn6
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_770.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/06/blog-post_770.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy