දෙමළ දේශපාලනඥයින් උතුරේ අහිංසක දෙමළ ජනතාව පිළිබදව දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා යාපනයේදී පැව...
දෙමළ දේශපාලනඥයින් උතුරේ අහිංසක දෙමළ ජනතාව පිළිබදව දක්වන සැලකිල්ල ප්‍රමාණවත් නොවන බව උතුරු පළාත් ආණ්ඩුකාර රෙජිනෝල්ඩ් කුරේ මහතා යාපනයේදී පැවසීය.
ආණ්ඩුකාරවරයා යාපනයේ තිරුනවේලී මුත්තූතම්බි මහා විද්‍යාලයේ පසුගියදා පැවති ත්‍යාග ප්‍රධානෝත්සවයට සහභාගී වෙමින් මේ බව පැවසීය.
මෙහිදී තවදුරටත් අදහස් දැක්වූ ආණ්ඩුකාරවරයා කියා සිටියේ උතුරේ වැසියන්ගේ දුගී දුප්පත් භාවයට වග කිව යුත්තේද මේ දේශපාලනඥයින් පිරිසම බවයි.
මේ පිරිස් වල ග්‍රහණයෙන් හා පීඩනයෙන් මිදීමට උතුරේ සිසුන්ට ඇති එකම දායාදය අධ්‍යාපනය පමණක් බවද කියා සිටි කුරේ මහතා මනා ලෙස අධ්‍යාපනය ලබා උතුරේ මේ කටුක පරිසරය ජය ගැනීමට සෑම ශිෂ්‍යයෙකුම සිතට ගත යුතු බවද කියා සිටියේය.
යුද්ධයෙන් පීඩාවට පත් ජනතාවට දෙමළ දේශපාලනඥයින් උදව් උපකාර නොකරණ බව කී ආණ්ඩුකාරවරයා අවම වශයෙන් යුද්ධයෙන් විපතට පත්ව වැන්දඹුවන් බවට පත්ව සිටින කාන්තාවන්ට වත් මේ දේශපාලනඥයින් කිසිදු සහයෝගයක් නොදක්වන බව කියා සිටියේය.
(දිනසේන රතුගමගේ)
COMMENTS