කිළිනොච්චිය පළාතේ විවිධ සංවර්ධන කටයුතු සදහා යැයි කියමින් බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම මේ දිනවල මහා පරිමාණයෙන් සිදුවීම නිසා ඒ ස්ථාන වල වි...
කිළිනොච්චිය පළාතේ විවිධ සංවර්ධන කටයුතු සදහා යැයි කියමින් බලපත්‍ර නොමැතිව වැලි ගොඩ දැමීම මේ දිනවල මහා පරිමාණයෙන් සිදුවීම නිසා ඒ ස්ථාන වල විශාල වළවල් හෑරෙන්නට පටන්ගෙන ඇතැයි කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් කියා සිටියි.
යුද්ධයෙන් විපතට පත්ව යළි පදිංචිවීම සදහා කිළිනොච්චියේ ස්ථිර නිවාස ඉදි කරගන්නා පිරිසට වැලි ටැක්ටරයක් ඇද ගැනීම සදහා බලපත්‍රයක් ලබාදෙමට ප්‍රාදේශීය සභාවට පවත්නා නීති රීතිවලට අනුව ඉඩක් නැතත් ව්‍යාපාරිකයින්ට හා මහා පරිමාණයේ කොන්ත්‍රාත් කරුවන්ට එම නීතිය අදාල වී නොමැති බව කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් කියා සිටියි.
කිළිනොච්චියේ මහා පරිමාණයෙන් වැලි ගොඩ දමන පිරිස උතුරේ පදිංචි කරුවන් හෝ ඡන්දදයකයින්ද නොවන බව පවසන කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් ඔවුන් කොපමණ වැලි ප්‍රමාණයක් ගොඩදමනු ලැබුවත් පළාතේ කිසිදු ප්‍රාදේශීය සභාවකට රුපියලක හෝ මුදලක් නොලැබෙන බවද කියා සිටියි.
අවසානයේදී කිළිනොච්චියේ ජනතාවට විශාල වළවල් ගොඩක් පමණක් ඉතිරි වන නිසා මේ සම්බන්ධයෙන් වහාම පියවරක් ගන්නා ලෙස කරච්චි ප්‍රාදේශීය සභාවේ නිලධාරීන් මෙවර කිළිනොච්චියේ පැවති සංවර්ධන කමිටු රැස්වීමේදී දිසාපතිවරයාගෙන් ඉල්ලීමක් කොට තිබේ.
(දිනසේන රතුගමගේ)
COMMENTS