විශේෂ ගැසට් පත්‍රයක් මගින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ වාසිය ජනතාවට නිසි පරිදි ලැබෙනවාද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශ...
විශේෂ ගැසට් පත්‍රයක් මගින් අත්‍යවශ්‍ය ඖෂධ වර්ග 48 ක මිල අඩු කිරීමේ වාසිය ජනතාවට නිසි පරිදි ලැබෙනවාද යන්න පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය විමර්ශනයක් ආරම්භ කර තිබේ.
ඒ අනුව සියලුම පාරිභෝගික පැමිණිලි ඉදිරිපත් කිරිම සඳහා විශේෂ දුරකථන අංක 02ක් හඳුන්වාදීමට පියවර ගෙන ඇත.
අද (04) උදෑසන සිට ක්‍රියාත්මක වන පරිදි 0113071073 සහ 0113092269 යන දුරකථන අංක දෙක පාරිභෝගික පැමිණිලි සඳහා වෙන්කර ඇති බවත් උදෑසන 8.00 සිට රාත්‍රී 8.00 දක්වා පාරිභෝගික පැමිණිලි මෙම දුරකථන අංක වෙත යොමු කළ හැකි බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා පැවසීය.
COMMENTS