අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය. මැතිවරණ ව්‍යාපාරයේදී චීනය මහින්ද රාජපක්‍ෂ ම...
අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පාර්ලිමේන්තුවේදී අද (05) විශේෂ ප්‍රකාශයක් කිරීමට නියමිතය.
මැතිවරණ ව්‍යාපාරයේදී චීනය මහින්ද රාජපක්‍ෂ මහතාට මුදල් ලබා දීමේ සිද්ධියක් හෙලි කරමින් පළ කෙරුණු නිව්යෝක් ටයිම්ස් පුවත් පත් වාර්තාව සහ හම්බන්තොට වරාය ව්‍යාපෘතිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙහිදී අදහස් දක්වනු ඇතැයි වාර්තා වේ.
ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය ඊයේ (4) පස්වරුවේ අරලියගහ මන්දිරයට පැමිණ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා හමු වී තිබේ.
රාජ්‍ය අමාත්‍යවරිය මෙසේ අරලියගහ මන්දිරයට පැමිණියේ කොළඹට පැමිණි වහාම තමා හමුවන්නැයි අග්‍රාමාත්‍යවරයා පෙරේදා කළ දැනුම් දීමකට අනුවය.
යාපනය වීරසිංහම් උත්සව ශාලාවේ පැවති උත්සවයකදී විජයකලා මහේෂ්වරන් මහත්මිය කළ ප්‍රකාශය පිළිබඳව මෙහිදී අග්‍රාමාත්‍යවරයා දීර්ඝ වශයෙන් කරුණු විමසා ඇති බව දැනගන්නට ඇත.
කෙසේ වෙතත් මෙම හමුවේදී සාකච්ජා වූ කරුණ පිළිබඳව මේ වන තුරු මාධ්‍යට ප්‍රකාශයක් නොකෙරිණි.
රාජ්‍ය අමාත්‍ය විජයකලා මහේෂ්වරන් මත්මියට එරෙහිව විමර්ශන සිදුකරන බව ඊයේ පාර්ලිමේන්තුවේදී ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ප්‍රකාශ කළේය.
COMMENTS