2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු වලදි ද රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ සංවිධානයට පක්ෂපාති වන පරිදි කට...
2015 වසරේ පාර්ලිමේන්තු මැතිවරණයේ ප්‍රචාරණ කටයුතු වලදි ද රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන් මහත්මිය එල්.ටී.ටී.ඊ සංවිධානයට පක්ෂපාති වන පරිදි කටයුතු කර ඇති බව ශ්‍රි ලංකා පොදු ජන පෙරමුණ පැවසීය.
ඊයේ (04) පෙරවරුවේ පැවති මාධ්‍යහමුවකදි පාර්ලිමේන්තු මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා මේ බව පැවසීය.
පසුගියදා මහනුර සිදු වු ගැටම්කාරි සිද්ධිය අවස්ථාවේදි ත්‍රස්ත විමර්ෂණ ඒකකය පාර්ලිමේන්තු මන්ත්‍රි දිලුම් අමුණුගම මහතාගෙන් පැය 5කට අධික කාලයක් එ සම්බන්ධයෙන් ප්‍රශ්න කිරිම් සිදු කල බැවින් එ් ආකාරයෙන්ම විජයකලා අමාත්‍යවරියගෙනුත් ඒ පිලිබඳව ප්‍රශ්න කිරිම් සිදු කල යුතු බව මන්ත්‍රි රෝහිත අබේගුණවර්ධන මහතා පැවසීය.
වත්මන් ආණ්ඩුව පාලනයට පැමිනියේ විවිධ කූඨ උපක්‍රම භාවිතා කරමින් අන්තවාදි පිරිසට ඔවුන්ගේ බලාපොරෝත්තු ඉෂ්ට කර දෙනට පොරොන්දු වි බව මන්ත්‍රීවරයා වැඩිදුරටත් පැවසිය.
COMMENTS