රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සහ රාජ්‍ය ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර සඳහා නම් ...
රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා සහ රාජ්‍ය ඇමතිනි ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ආසන සංවිධායක ධුර සඳහා නම් කර ඇත.
මහවැලි සංවර්ධන රාජ්‍ය අමාත්‍ය වීරකුමාර දිසානායක මහතා ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ හොරොව්පතාන මැතිවරණ දිස්ත්‍රික්කයේ ආසන සංවිධායක ලෙසත් පළාත් සභා , පළාත් පාලන සහ ක්‍රීඩා රාජ්‍ය අමාත්‍ය ශ්‍රීයානි විජේවික්‍රම මහත්මිය අම්පාර මැතිවරණ කොට්ඨාශයේ ආසන සංවිධායක ලෙසත් ජනාධිපති මෛත්‍රිපාල සිරිසෙන මහතා විසින් නම් කර තිබේ.
එම මහත්ම මහත්මීන් ඊයේ (04) පස්වරුවේ ජනාධිපති නිල නිවසේදී ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අතින් සිය පත්වීම් ලිපි ලබා ගත්හ.
මේ අතර අදාළ ආසනවල ප‍්‍රාදේශීය සම්බන්ධීකරණ කමිටුවල සම සභාපතිවරුන් වශයෙන් ද ජනාධිපතිවරයා විසින් එම මහත්ම මහත්මින් පත් කර ඇත.
COMMENTS