ඊයේ (27) පුද්ගලයින් 05දෙනෙකු ජීවිතක්ෂයට පත්කළ අනතුර සිදුවූ පොතුපිටිය - පොද්දර මුල්ලේ අනාරක්ෂිත දුම්රිය හරස් පාරේ අද (28) දුම්රිය ධාවනය වන ...
ඊයේ (27) පුද්ගලයින් 05දෙනෙකු ජීවිතක්ෂයට පත්කළ අනතුර සිදුවූ පොතුපිටිය - පොද්දර මුල්ලේ අනාරක්ෂිත දුම්රිය හරස් පාරේ අද (28) දුම්රිය ධාවනය වන අවස්ථාවේ ගේට්ටු වැසීමට මුරකරු නොසිටි බව වාර්තා වේ.
අදාළ අනතුරින් මියගිය පුද්ගලයින්ගේ මරණ පරීක්ෂණයේ සාක්ෂිකරුවෙකු ලෙස එම ගේට්ටු මුරකරු අද දින කැඳවා ඇති බව සඳහන්ය.
ඒ හේතුයෙන් අද උදෑසන දුම්රිය ධාවනය වන අවස්ථාවේ ආරක්ෂිත ගේට්ටු විවෘත කරදමා තිබූ බවත් ඉන් වාහන සහ පුද්ගලයින් දැඩි අපහසුතාවයකට පත්වූ බවත් වාර්තා වේ.
ඊයේ (27) මෙම වාද්දුව, පොතුපිටිය – පෝද්දර මුල්ලේ අනාරක්ෂිත දුම්රිය හරස් මාර්ගයේදී මෝටර් රථයක් දුම්රියක ගැටීමෙන් පුද්ගලයින් 05දෙනෙකු ජීවිතක්ෂයට පත්වූ අතර පොලීසිය ප්‍රකාශ කළේ දුම්රිය හරස් මාර්ගයේ ආරක්ෂාවට සිටි මුරකරුගේ උපදෙස් නොපිළිපදිමින් නොසැළකිලිමත් රිය ධාවනය ඊට හේතුව බවයි.
එමෙන්ම මෝටර් රථය පැදවූ පුද්ගලයා දුම්රිය මුරකරුගේ අණ නොපිලිපදිමින් ඔහු යටකිරීමට උත්සාහ කර ඇති බවට ද පරීක්ෂණවලදී කරුණු අනාවරණය වී තිබිණි.
COMMENTS