12 වනදා සතර දේවාලයන් හි සිදුකරන කප් සිටුවීමෙන් චාරිත්‍රානුකූලව 2018 ඇසල පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරෙන බවත් ඉන් අනතුරුව එදින සිට සතර දේවාල පෙ...
12 වනදා සතර දේවාලයන් හි සිදුකරන කප් සිටුවීමෙන් චාරිත්‍රානුකූලව 2018 ඇසල පෙරහැර මංගල්‍යය ආරම්භ කෙරෙන බවත් ඉන් අනතුරුව එදින සිට සතර දේවාල පෙරහැර පැවැත්වෙන අතර අද (16) සිට 20දා දක්වා කුඹල් පෙරහැර ද, 21දා සිට 25දා දක්වා රන්දෝලි පෙරහැර පැවැත්වේ.
මහනුවර ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා මෙසේ අදහස් දැක්විය.
“ශ්‍රී දළදා මාලිගා වන වාහල්කඩින් නික්මවන පෙරහර කරඬුව දළදා වීදිය ඔස්සේ රැජින හෝටලය අසලටත්, රැජින හෝටලය අසලින් ඩී.එස් සේනානායක වීදියටත්, පන්සල පාරටත්, දේව වීදියටත් දේව වීදියෙන් කොළඹ වීදියට පැමිණ, යටිනුවර වීදිය දක්වා ගමන්කොට රජ වීදියට පැමිණ නැවත ශ්‍රී දළදා මාලිගාවේ ප්‍රධාන වහල්කඩ කරා පැමිණ ගෙවදීමෙන් අද දිනයේ දී පළමු කුඹල් පෙරහැර වීදි සංචාරය කිරීමට නියමිතය. විශේෂයෙන් පෙරහැර නරඹන්න එන සියලු බැතිමතුන්ගෙන් ඉතා කාරුණිකව ඉල්ලා සිටිනවා පොලිති, ප්ලාස්ටික් වතුර බෝතල්, ඉටි රෙදි කැබලි වැනිදෑ ඔබ මේ පුණ්‍ය භූමියට රැගෙන ආවොත් නැවත මේ ස්ථානයෙන් රැගෙන යන හැටියට ඉතා කාරුණිකව සියලු දෙනාගෙන්ම ඉල්ලා සිටිනවා. ඒ වගේම ඔබ ඉදිරියෙන් පෙරහැර කරඬුව වඩම්මන හස්ති රාජයා ගමන් කරන විට පෙරහැර කරඬුවට නමස්කාර කරන හැටියටත්, සිව්මහා දේවාලයන්හි දේවාභරණ වඩම්මන අවස්ථාවේ දේවාභරණ වලට ගෞරව කරන හැටියටත් ඉතා කාරුණිකව ඉල්ලන සිටිනවා. ඒ වගේම ඔබ මෙ පෙරහැර නරඹන අවස්ථාව හා ආගමික පරිසරයක්, මේ සංස්කෘතික මංගල්‍යය දකින හැටියටත් ආගමානුකූලව හැසිරෙන හැටියටත් ඉතා කාරුණිකව සියලුම බැතිමතුන්ගෙන් ඉල්ලා සිටිනවා."
COMMENTS