වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම කිරිවෙහර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් යළි රෝහල්ගත කර තිබේ. පෙරේදා පස්වරුවේ උන්වහන්සේ කොළඹ පෞද්ගලි...
වෙඩි ප්‍රහාරයට ලක්වූ කතරගම කිරිවෙහර විහාරාධිපති පූජ්‍ය කොබවක ධම්මින්ද හිමියන් යළි රෝහල්ගත කර තිබේ.
පෙරේදා පස්වරුවේ උන්වහන්සේ කොළඹ පෞද්ගලික රෝහලකට ඇතුළත් කළ බව කතරගම කිරිවෙහෙර විහාරවාසී පූජ්‍ය හිනිඳුම සුගතවංශ හිමියන් සඳහන් කළහ.
වෙඩි වැදීමෙන් තුවාල ලැබූ උන්වහන්සේගේ උදරය ප්‍රදේශය හා කළවා ප්‍රදේශයේ යළි වේදනා ත්ත්වයක් ඇතිවීම හේතුවෙන් වෛද්‍ය උපදෙස් මත මෙලෙස නේවාසිකව ප්‍රතිකාර ලබාදන බව උන්වහන්සේ වැඩිදුරටත් සඳහන් කළේය.
පසුගිය ජූනි මස 12 වනදා රාත්‍රියේ කිරිවෙහෙර අසළදී විහාරාධිපති හිමියන් වෙඩි ප්‍රහාරයට ලක්ව තුවාල ලැබීය.
COMMENTS