හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ගිලා බැසිමකට ලක් වි ඇති බව වටවල පොලිසිය කියති. මධ්‍යම කදුකරයේ බටහිර බැ...
හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල කුයිල්වත්ත ප්‍රදේශයේ ප්‍රධාන මාර්ගය ගිලා බැසිමකට ලක් වි ඇති බව වටවල පොලිසිය කියති.
මධ්‍යම කදුකරයේ බටහිර බැවුම් ප්‍රදේශවලට තවදුරටත් ඇද හැලෙන අධික වර්ෂාවත් සමග එම ස්ථානය අද (16) අලුයම ගිලා බැසිම ලක් වි ඇති බව වටවල පොලිසිය කියා සිටින්නේය.
මිට වසරකට ප්‍රථම මෙම ස්ථානය ගිලා බැසිමකට ලක් වි තිබිම නිසා එය ප්‍රතිසංස්කරණය කිරිමෙන් පසු යලිත් අද අලුයම සිට එම ස්ථානය ගිලා බැසිමට ලක් වි ඇත.
එම ස්ථානය මේ වන විට විශාල ලෙස ඉරි තලා ගිලා බැසිමේ අවධානමට ලක් වි ඇත.
මේ අතර හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ වටවල ප්‍රදේශයේදි ඊයේ (15) පස් කන්දක් කඩා වැටිමෙන් අවහිර වි තිබු හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේ ගමනා ගමන කටයුතු යලි යථා තත්ත්වයට පත් කර ඇති අතර එම පස් කන්ද කඩා වැටුණු ස්ථානය ඊයේ (15) රාත්‍රියේ සිට එක් මං තිරුවකට සිමා කර ඇත.
මධ්‍යම කදුකරයට තවදුරටත් අධික වර්ෂාව සහ තද සුලං පවතින නිසා හැටන් කොළඹ ප්‍රධාන මාර්ගයේත්, හැටන් නුවරඑලිය ප්‍රධාන මාර්ගයේත් සැලකිලිමත් ලෙස රිය ධාවනය කරවන ලෙස පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටිති.
COMMENTS