පසුගිය රජය සමයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් වීරවංශ මහතා ඇප මත මුදාහැර ...
පසුගිය රජය සමයේ වාහන අවභාවිතය සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතාගේ සොහොයුරු සරත් වීරවංශ මහතා ඇප මත මුදාහැර තිබේ.
ජනාධිපති ලේකම් කාර්යාලයේ වාහන අවභාවිත කළ බවට එල්ල වූ චෝදනා මත පසුගිය සැප්තැම්බර් මස පළමු වැනිදා සරත් වීරවංශ මහතා අත්අඩංගුවට ගෙන තිබුණි.
අවස්ථා කිහිපයකදී අධිකරණයට ඉදිරිපත් කළ ඔහු රක්ෂිත බන්ධනාගාර ගත කෙරුණි.
අදාළ නඩුව අද (16) කොළඹ කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවේ යළි කැඳවු අතර එහිදී සරත් වීරවංශ මහතා ඇප මුදාහැරීමට නියෝග කර ඇත.
ඒ අනුව රුපියල් 25,000ක මුදල් ඇපයක් මත සහ රුපියල් ලක්ෂ 02ක බැගින් වූ ශරීර ඇප දෙකක් මත ඔහු මුදාහැරීමට මහේස්ත්‍රාත්වරිය නියෝග කර තිබේ.
එමෙන්ම සරත් වීරවංශ මහතාගේ විදෙස් ගමන් තහනම් කිරීමට ද අධිකරණය නියෝග කර ඇත.
COMMENTS