ආ ණ්ඩුව නියෝජනය කරන ප්‍රබලම ඇමතිවරයෙකුගේ බිරිඳක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග අප වෙත ප...
ආණ්ඩුව නියෝජනය කරන ප්‍රබලම ඇමතිවරයෙකුගේ බිරිඳක් විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ මහතා සමග සාකච්ඡාවක් පවත්වා ඇති බව ඉහල පෙලේ ආරංචි මාර්ග අප වෙත පැවසීය.
එහිදී ඇය ඉල්ලීමක් කර ඇත්තේ තම සැමියා පොදුජන පෙරමුණ සමග එක් කර ගන්නා ලෙසය.
මේ දිනවල සැමියා ඉතා කණගාටුවෙන් සහ වේදනාවෙන් පසුවන බවක් ඇති ජනාධිපතිවරණයෙන් සජිත් ප්‍රේමදාස මහතාට ජය ගැනීමේ කිසිදු හැකියාවක් නැතැයි සැමියා නිතර පවසන බවද ඇය සඳහන් කර තිබේ.
මෙම ප්‍රබල ඇමැතිවරයා අවස්ථා දෙකකදී පමණ මහින්ද රාජපක්ෂ මහතා හමුවී පොදුජන පෙරමුණ පාර්ශවයට එක් වීමට කැමැත්ත පල කර ඇතත් මහින්ද රාජපක්ෂ මහතා එය දැඩිව ප්‍රතික්ෂේප කර ඇත.
මෙම ඇමතිවරයා එක්කර ගැනීම සම්බන්ධයෙන් පොදු ජන පෙරමුනේ මන්ත‍්‍රීවරුන් මෙන්න ඊට හිතවාදී විවිධ කණ්ඩායම් වෙතින් දැඩි විරෝධය එල්ල කර තිබේ.
මහින්ද රාජපක්ෂ මහතා ඔවුන් හමුවේ සහතික කර ඇත්තේ මෙකී ඇමැතිවරයා තම පාර්ශ්වයට එක්කරන නොගන්නා බවයි.
මේ හේතුවෙන් අවසන් තුරුම්පුව ලෙස ඇමතිවරයාගේ බිරිඳ මහින්ද රාජපක්ෂ මහතා හමුවට එවා ඇත්තේ කෙසේ හෝ විපක්‍ෂයට එක්වීමේ කටයුත්ත ඉටු කර ගැනීමට යයිද අප වෙත මෙම තොරතුරු දුන් පුද්ගලයා කියා සිටියේය.

COMMENTS