බැඳුම්කර වංචා චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට හිමිවිය යුතු දඬුවම කුමක්දැයි ජනාධිපතිවරයා ළඟදීම තීරණයක් ගන...
බැඳුම්කර වංචා චෝදනා එල්ල වී ඇති හිටපු මහ බැංකු අධිපති අර්ජුන මහේන්ද්‍රන් මහතාට හිමිවිය යුතු දඬුවම කුමක්දැයි ජනාධිපතිවරයා ළඟදීම තීරණයක් ගනු ඇති බව මුදල් රාජ්‍ය ඇමැති ලක්‍ෂ්මන් යාපා අබේවර්ධන මහතා පවසයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (11) කොළඹ පැවති මාධ්‍ය හමුවකදීය.
බැඳුම්කර වංචාව සම්බන්ධයෙන් කෝප් පරීක්‍ෂණ වාර්තාවල සඳහන් දේ අනුව සහ ලබන 14 වැනිදා ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් මණ්‌ඩලය රැස් වී ගනු ලබන තීරණය අනුව රජය එම පියවර ගන්නා බවත් ඒ සඳහා ජනාධිපතිවරයාට අවශ්‍ය නිසි පියවර ගැනීමට එම පරීක්‍ෂණ වාර්තාවල නිර්දේශ හොඳ පසුබිමක් සකස් කරදෙනු ඇති බවත් අමාත්‍යවරයා මෙහදී කියාසිටියේය.
ඒ හේතුවෙන් බැඳුම්කර වංචා චෝදනා එල්ල වී ඇති පර්පෙචුවල් ට්‍රෙෂරීස් සමාගම ගැන ලබන 14දා මුදල් මණ්‌ඩලය ගන්නා තීරණය කුමක්‌දැයි තමන් ද බලාසිටින බව ඇමැතිවරයා අවධාරණය කළේය.
මෙරට ඉතිහාසය තුළ ලොකුම වංචාව සිදුව ඇති බවට චෝදනා එල්ල වුවත් සිදුකර ඇත්තේ ඔහුගේ ධුර කාලය දික් නොකිරීම පමණක් බැවින් මෙම වංචාවට වගකිව යුත්තන්ට දඬුවම් ලබාදීමේ කිසිදු නීතිමය ක්‍රියාවලියකට රජය පියවර නොගන්නේ මන්දැයි මෙම මෙහිදී මාධ්‍යවේදියෙකු අමාත්‍යවරයාගෙන් විමසූ අතර ඊට පිළිතුරු දෙමින් අමාත්‍යවරයා ප්‍රකාශ කළේ තමා සිටින්නේද මෙම වංචාවට වගකිවයුත්තන්ට දඬුවම් දිය යුතුය යන මතයේ බවත් මේ සම්බන්ධයෙන් රජය නිවැරදිම පියවර ගතයුතු බවත්ය.
වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා කියාසිටියේ විවිධ පුද්ගයින් විසින් පටු අරමුණින් යුතුව ප්‍රකාශ කරනු ලබන ඇතැම් ප්‍රකාශයන් පදනම් කරගෙන ආණ්ඩු වෙනස් කිරීමට සිහින දැකීම හිතන තරම් පහසු ක්‍රියාවක් නොවන බවත් ආණ්ඩු පෙරලන්නේ ජනතාව මිස දේශපාලනඥයින් නොවන බවත්ය.
වීඩියෝව පහතින්.
COMMENTS