අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිලි වැඩිදුර කටයුතු සඳහා ජුනි ම...
අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියොජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතා ට එරෙහිව ගොනු කර තිබෙන පැමිණිලි වැඩිදුර කටයුතු සඳහා ජුනි මස 18 වනදා කැඳවන මෙන් ශ්‍රේෂ්ඨාධිකරණය නියම කර තිබේ.
එම පැමිණිලි ඊවා වනසුන්දර සහ එල් .ටී .බී.දෙහිදෙණිය යන විනිසුරු මඩුල්ල හමුවේ අද (04) කැඳවනු ලැබීය.
එහිදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි රජයේ අතිරේක සොලිස්ටර් ජෙනරාල් ප්‍රියන්ත නාවාන මහතා අධිකරණයට දන්වා සිටියේ වග උත්තරකාර රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් කළේ යැයි කියන ප්‍රකාශය අඩංගු වීඩියෝ පටය නීතිපතිවරයා විසින් නිරීක්ෂණයට ලක් කළ බවයි.
නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ප්‍රකාශයේ අන්තර්ගතය තුළින් බැලූ බැල්මටම අධිකරණයට අපහාසයක් සිදුවන බව පෙනී යන්නේ යැයි ද නීතිපතිවරයා අධිකරණයට දන්වා සිටියේය.
ඒ අනුව චෝදනා පත්‍රයක් කෙටුම්පත් කර වගඋත්තරකරුට බාර දීම මීළඟ පියවර යයිද අතිරේක ජනරාල්වරයා අධිකරණයට දැනුම් දුන්නේය.
මෙහිදී වගඋත්තරකාර රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා වෙනුවෙන් පෙනී සිටි ජනාධිපති නීතිඥ සුමන්දිරන් මහතා අධිකරණයට දන්වා සිටියේ මෙම චෝදනාව පවත්වාගෙන යාමට නොහැකි බවට දැක්වෙන කරුණු ඇතුළත් ලිඛිත දේශනයක් තමන් අධිකරණයට බාර දෙන බවයි.
ඒ අනුව මෙම මිණිලිවලට අදාළව ඉදිරි පියවර ලබන 18 වනදා සලකා බලන බවද ශ්‍රේෂ්ඨාධිකරණය ප්‍රකාශ කළේය.
පූජ්‍ය මාගල්කන්දේ සුදත්ත හිමියන් සහ ශ්‍රාමික ගුවන් හමුදා නිලධාරියෙකු වන සුනිල් පෙරේරා විසින් අදාළ පැමිණිලි ඉදිරිපත් කර තිබිණි.
පැමිණිලිකරුවන් කියා සිටින්නේ පසුගිය වසරේ අගෝස්තු මස අග්‍රාමාත්‍යවරයා සමග පැවැත්වූ සාකච්ඡාවකින් අනතුරුව පිටතට පැමිණි රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා මාධ්‍යවලට අදහස් දක්වමින් මෙරට විනිශ්චකාරවරුන් සහ නීතිඥවරුන්ගෙන් බහුතරය දූෂිත පුද්ගලයින් ලෙස හඳුන්වා දී ඇති බව කියා සිටියේය.
මෙම ප්‍රකාශය තුළින් මෙරට අධිකරණ පද්ධතිය කෙරෙහි මහජනතාවගේ පවතින විශ්වාසය හීන වන බවත් ඒ හරහා රංජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණයට අපහාසයක් සිදු කර ඇති බවත් පැමිණිලිකරුවන් පවසයි.
මේ හේතුවෙන් රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා අධිකරණය හමුවට කැඳවා මේ පිළිබඳව විභාගයක් පවත්වා සුදුසු දඬුවම් පමුණුවන මෙන් ද පැමිණිලිකරුවන් ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ඉල්ලා තිබේ.
එසේම අධිකරණයට අපහාස කළේ යැයි චෝදනා එල්ල වී සිටින නියෝජ්‍ය අමාත්‍ය රංජන් රාමනායක මහතාට එරෙහිව ඉදිරිපත් කර තිබෙන පැමිණිලි ඉදිරියටත් විභාග කළ යුතු බවට ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවරු මත පළකර තිබේ.
රන්ජන් රාමනායක නියෝජ්‍ය අමාත්‍යවරයා විසින් සිදුකළ අපහාසාත්මක ප්‍රකාශය අඩංගු බව කියන වීඩියෝ පටයක් ශ්‍රේෂ්ඨාධිකරණයෙ සියලු විනිසුරුවරු වෙත ඉදිරිපත් කර ඔහුගේ මතය විමසීමට ඉකුත්දා අගවිනිසුරුවරයා පියවර ගෙන තිබිණි.
ඒ අනුව අදාළ වීඩියෝ පටය නරඹා විනිසුරුවරු අගවිනිසුරුවරයා වෙත සිය නිරීක්ෂණ ඉදිරිපත් කර ඇති බවත් ඒ අනුව අදාළ පැමිණිල්ල ඉදිරියට පවත්වාගෙන යා යුතු බවටත් විනිසුරුවරු තීන්දු කර ඒ බව අග විනිසුරුවරයා වෙත සිය නිරීක්ෂණ ඉදිරිපත් කර තිබේ.
රන්ජන් රාමනායක මහතාට එරෙහි අපහාස නඩුව අද (04) කැඳවූ අවස්ථාවේදී මෙම තොරතුරු හෙළි වී තිබේ.
COMMENTS