නව පරපුරේ රංගන ශිල්පියෙකු වන දසුන් නිශාන් මියගොස් ඇත්තේ ගෙළ සිරවීමෙන් බවට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඊයේ පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළි...
නව පරපුරේ රංගන ශිල්පියෙකු වන දසුන් නිශාන් මියගොස් ඇත්තේ ගෙළ සිරවීමෙන් බවට දකුණු කොළඹ ශික්ෂණ රෝහලේ ඊයේ
පැවති පශ්චාත් මරණ පරික්ෂණයේදි හෙළිවී ඇත.
දේහය මේ වනවිට ඔහුගේ ඥාතීන්ට භාරදී ඇති අතර පොලිසිය පැවසුවේ දරාගත නොහැකි මානසික පීඩනයක් හමුවේ තමන් මෙම තීරණයට එළඹි බවට වන ඔහු ලියන ලද ලිපියක්ද හමුවු වු බවයි.
නිට්ටඹුව - තිහාරිය - කප්තොට ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වන දසුන් නිශාන්ගේ මෘත දේහය පන්නිපිටිය - පැලන්වත්ත ප්‍රදේශයේ තාවකාලිකව නවාතැන් සිටි නිවසේ කාමරයේ තිබී ඊයේ සොයාගත් අතර ඔහු එහි වාසය කර තිබුණේ ටෙලි නාට්‍යය ක්‍ෂේත්‍රයට සම්බන්ධ කිහිපදෙනෙකු සමගය.
ඊයේ පෙරවරුවේ අනෙක් පිරිස නිවසින් පිටව යද්දි දසුන් එහි රැදි සිට ඇත්තේ අසනීප තත්ත්වයක් පවතින බව පවසමිනි.
ජංගම දුරකථනයේ රූගත වෙලා :
දසුන් මරණය සිදුවන ආකාරය තම ජංගම දුරකථනයේ රූගත කිරිමට සලස්වා ඇත.
පොලිසිය පැවසුවේ එම දර්ශනවලට අනුව දසුන් දිවිහානි කරගැනීමට උත්සාහ ගත් අවස්ථා දෙකක් ව්‍යර්ථ වී ඇති නමුත් තුන්වන අවස්ථාවේ දී දිවි හානි කරගන්නා අයුරු සටහන්ව ඇති බවයි.
මරණයට කිසිවෙකු වගකිව යුතු නැතැයි ඔහු ලියන ලද ලිපියේ සටහන් කර ඇත.
දසුන් මීට මාස කිහිපයකට පෙර ගුරුවරියක වු තම පෙම්වතිය සමග විවාහ ගිවිසගෙන සිටි බවද වාර්තා වේ.
නිලියක් සමග සබඳතාවක් !
ඊයේ සිදු කෙරුනු පශ්චාත් මරණ පරික්ෂණයේදි මියගිය දසුන්ගේ මව සාක්ෂි ලබා දෙමින් ප්‍රකාශ කර ඇත්තේ තම පුත්‍රයා පසුගිය දිනවල දුරකථනයෙන් කථා කර නවක නිලියක් සමග සබඳතාවක් පවත්වන බව ප්‍රකාශ කළ බවයි.
ඇයව විවාහ කර ගැනිමට අවශ්‍ය බව ප්‍රකාශ කල නමුත් එම යෝජනාව තමන් ප්‍රතික්ෂේප කළ බව දසුන් ගේ මව සාක්ෂි ලබාදෙමින් කියා සිටියාය.
දසුන්ගේ පියා වෘත්තියෙන් සිවිල් ඉංජිනේරුවෙකු වන අතර ඔහු වාසය කරන්නේ කැනඩාවේය.
මිය යන විට 29 හැවිරිදි වියේ පසු වු දසුන් නිශාන් කොළඹ විශ්ව විද්‍යාලයේ තොරතුරු තාක්ෂණ උපාධිධාරියෙකුද වන අතර ඔහුට එක් සහෝදරයෙකුද සිටියි.
(හිරු නිව්ස්)

COMMENTS