මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදී සිසුන්ගේ සුහද හමුවකදී එහි ආදි සිසුවකු වන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම සුහද හමුවේදී පිටව යාමට සිද...
මීගමුව මාරිස්ටෙලා විදුහලේ ආදී සිසුන්ගේ සුහද හමුවකදී එහි ආදි සිසුවකු වන නියෝජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා එම සුහද හමුවේදී පිටව යාමට සිදුව තිබේ.
ඊට හේතු වී ඇත්තේ එම සුහද හමුවේදී දේශපාලනය කතා කිරීම නිසා ඇති වූ සිද්ධියක් මත බවයි වාර්තා වන්නේ.
මාරිස්ටෙලා විදුහලේ ආදි සිසුන්ගේ සුහද හමුවක් පෙරේදා (02) විදුහල් පරිශ්‍රයේ පවත්වා ඇති අතර ආදි සිසුවකු ලෙස රන්ජන් රාමනායක මහතාද එම සුහද හමුවට සහභාගි වී තිබේ.
රන්ජන් රාමනායක අමාත්‍යවරයා සංවිධායක මණ්ඩලයේ ආරාධනයෙන් මේ අවස්ථාවේ ගීතයක් ගායනා කර ඇත. දේශපාලනඥයකු ලෙස රන්ජන් රාමනායක මහතා මේ අවස්ථාවෙන් ප්‍රයෝජනය ගෙන දේශපාලනය කතා කිරීමට යාම නිසා සිය හිත මිත්‍ර ආදි සිසුන් විරෝධය පළකර තිබේ.
මේ අවස්ථාවේ නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන් තරමක කලබල ගතියක් පෙන්වීම නිසා ආදි සිසුන්ගේ විරෝධයද තරමක් වැඩි වී තිබේ. සංවිධායක මණ්ඩලය නියෝජ්‍ය අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරීන්ට සහය ලබාදී නියෝජ්‍ය අමාත්‍යවරයාව විදුහල් භූමියෙන් පිටතට ගෙන යාම මෙහිදී සිදුව ඇත.
COMMENTS