දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ජාතික ආරක්ෂාව අනතුරේ - TRC ලොක්කන්ට කප්පම් දෙමින් කොටි හිතවාදින් නීතිවිරෝධී කේබල් රූපවාහිනි ව්‍යාපාරයක
Homeප්‍රවෘත්ති

ජාතික ආරක්ෂාව අනතුරේ - TRC ලොක්කන්ට කප්පම් දෙමින් කොටි හිතවාදින් නීතිවිරෝධී කේබල් රූපවාහිනි ව්‍යාපාරයක

PropellerAds

උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් කිහිපයක් රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල කරමින් තිබේන බවට තොරතුරු අන...

වටරැක හිරකාරයන් ගෝඨාගෝගමට ගහන්න අරන් ආවාද? සේනාධිපතිට අද ප්‍රකාශයක් ගන්න සියල්ල සූදානම්!
දේශබන්දු අනිවාර්ය නිවාඩු යවයි!
පොලිස් නිලධාරීන්ට වටකොට පහර දෙයි.. බරපතල වී රෝහලේ…
ජාතික ආරක්ෂාව අනතුරේ - TRC ලොක්කන්ට කප්පම් දෙමින් කොටි හිතවාදින් නීතිවිරෝධී කේබල් රූපවාහිනි ව්‍යාපාරයක

උතුරේ සිට ක්‍රියාත්මක වන නීතිවිරෝධී කේබල් රූපවාහිනි සේවාවන් කිහිපයක් රටේ ජාතික ආරක්ෂාවට දැඩි ලෙස තර්ජනයක් එල්ල කරමින් තිබේන බවට තොරතුරු අනාවරණය වෙමින් තිබේ.

හිටපු එල්ටීටීඊ නායකයෙකු වූ පොට්ටු අම්මාන්ගේ ඥාති සහෝදරයෙක් වන යාපනයේ තරු හෝටලයක හිමිකාරිත්වය දරන මෙම කූට ව්‍යාපාරිකයා ඉතාම වංචනික ව්‍යාපාර රැසක් මෙහෙයවනු ලබන පුද්ගලයෙකු බවද අනාවරණය වි තිබේ.

නමුත් ඔහු උතුරේ පොලිස් ප්‍රධානින්ට සහ විදුලි සංදේශන නියාමන කොමිෂන් සභාව හෙවත් TRC ලොක්කන් සදහා කප්පම් ලබාදිම හේතුවෙන් ඔහුට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවන බවද වාර්තා වේ.

මෙම විකාශන ආයතනය විසින් විසුරුවා හරින කේබල් රූපවාහිනි නාලිකාව නරඹන පිරිස දෙලක්‍ෂ පනස්‌ දහසකට ආසන්න වන අතර අදාළ ආයතනය ඒ සඳහා රජයට විශාල බදු මුදලක්‌ ගෙවිය යුතුය. එහෙත් වංචනික ලෙස සංඛ්‍යා ලේඛන සකසමින් තම පාරිභෝගික පිරිස දහසකට නොවැඩි බව පවසමින් බරපතල බදු වංචාවක්‌ සිදු කරමින් යන අදාළ ආයතනය නීත්‍යනුකූල නොවන අයුරින් විදුලි සංදේශ උපකරණ ආනයනය කොට ක්‍රියාත්මක කිරීම නිසි අවසරයකින් තොරව විකාශන මධ්‍යස්‌ථාන (ශාඛා) පිහිටුවීම ආදී අකටයුතුකම් රාශියක්‌ද දිගින් දිගටම සිදු කරමින් ඇත.

එසේම මෙම නීතිවිරෝධි ආකාරයේ කේබල් රූපවාහිනි ව්‍යාපාරයක් යාපනය දිස්ත්‍රික්කයේ පවත්වාගෙන යන බවත් එය නමින් US කේබල් නම් වන බවත් අප කළ සොයාබැලීමකදී වාර්තා විය. ඔහු මේ වෙනුවෙන් අදාළ බලපත්‍ර TRCයෙන් හෝ ජනමාධ්‍ය අමාත්‍යංශයෙන් ලබා ගෙන නොමැති බවත් මේ වනවිට අනාවරණය වී ඇත.

දුෂ්ෂ්‍යන්දන් මෙම නීතිවිරෝධි කේබල් ව්‍යාපාරය පසුගිය රජය සමයේ සිට පවත්වා ගෙන යන අතර ගිය ආණ්ඩුවේ අමාත්‍යවරයෙකු ද ඒ සහය ලබාදි තිබේ. TRCය පසුගියදා හදිසි මෙහෙයුමක් උතුරේ කේබල් ටීවි සම්බන්ධයෙන් සිදුකර ඇති අතර එම හදිසි මෙහෙයුමෙන් පසුව ඔවුන් එහි අයිතිකරුට එරෙහිව යාපනය අධිකරණය හමුවේ නඩුවක් ගොනු කර තිබේ.

අධිකරණය තුලදි හිමිකරුගේ නීතිඥවරුන්ගේ විරෝධතා හමුවේ TRC හි නිලධාරින් මුනිවත රැකීම පිළිබඳව විශාල සැකයක් එල්ල වන්නේ දැනටම මෙම නීති විරෝධි කේබල් ව්‍යාපාරය පවත්වාගෙන යාමට අවශ්‍ය උදව් ලබා දීම වෙනුවෙන් TRC නිලධාරින් විශාල කප්පම් මුදලක් මාස් පතා ලබා ගන්න නිසා බවයි වාර්තා වන්නේ.

මෙරට කේබල් රූපවාහිනි විකාශන මධ්‍යස්‌ථානයක්‌ ඇරඹීමේදී අනුගමනය කළ යුතු නීති රීති පද්ධතියක්‌ පවතී. ඒ අනුව කේබල් රූපවාහිනි සේවාවක්‌ ආරම්භ කිරීම පිණිස එම ව්‍යාපාරය පළමුව සමාගම් මැඳුරේ ව්‍යාපාරයක්‌ ලෙස ලියාපදිංචි කළ යුතුව ඇත. ඉන් අනතුරුව 1982 අංක 06 දරන ශ්‍රී ලංකා රූපවාහිනි සංස්‌ථා පනතේ 31 වන වගන්තිය යටතේ ජනමාධ්‍ය හා ප්‍රවෘත්ති අමාත්‍යවරයා විසින් 2010/09/03 වන දින නිකුත් කරන ලද අංක 1669/15 දරන අති විශේෂ ගැසට්‌ පත්‍රයට අනුව බලපත්‍රයක්‌ ලබා ගත යුතුය.

එම ක්‍රියා පටිපාටිය එතෙකින් නතර වන්නේ නැත. අදාළ බලපත්‍රය ලබා ගැනිමට පෙර ආපසු නොගෙවන පදනම මත රුපියල් 100,000/ ක මුදලක්‌ අයදුම්කරු විසින් ජනමාධ්‍ය අමාත්‍යාංශය වෙත ගෙවීම් කළ යුතු අතර ඉන් අනතුරුව අදාළ අවසර පත්‍රය ලබා දීම පිණිස ජනමාධ්‍ය අමාත්‍යවරයාගේ අත්සන ඊට ඇතුළත් කළ යුතුය.

ඉන් අනතුරුව අදාළ බලපත්‍රය ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාව වෙත ඉදිරිපත් කර 1991 අංක 25 දරන එම කොමිෂන් සභා පනතේ 17 වන වගන්තිය අනුව 2006 මාර්තු මස 10 වන දිනැති අංක 1435/20 දරන ගැසට්‌ නිවේදනයට අනුව බලපත්‍රය ලබාගත යුතු අතර අදාළ විෂය භාර අමාත්‍යවරයා වශයෙන් ජනාධිපතිවරයා විසින් ඊට අත්සන් තැබිය යුතුය. මෙම බලපත්‍රය ලබා ගන්නා තැනැත්තා විසින් රුපියල් 5,000,000/- ක මුදලක්‌ද ශ්‍රී ලංකා විදුලි සංදේශ නියාමක කොමිෂන් සභාව වෙත ගෙවිය යුතුව ඇත.

කේබල් මගින් රූපවාහිනි නාලිකා විකාශනය කරනු ලබන ආයතන ඉහත සඳහන් නියමයන් හා කොන්දේසි අනුගමනය කරමින් තම සේවාව පාරිභෝගිකයා වෙත සැපයිය යුතු අතර මෙරට තුළ දැනට ඇත්තේ මේ ආකාරයෙන් ක්‍රියාත්මක කේබල් රූපවාහිනි නාලිකා සංඛ්‍යාව අතේ ඇඟිලි ගණනටත් වඩා අඩු ප්‍රමාණයක්‌ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29291,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ජාතික ආරක්ෂාව අනතුරේ - TRC ලොක්කන්ට කප්පම් දෙමින් කොටි හිතවාදින් නීතිවිරෝධී කේබල් රූපවාහිනි ව්‍යාපාරයක
ජාතික ආරක්ෂාව අනතුරේ - TRC ලොක්කන්ට කප්පම් දෙමින් කොටි හිතවාදින් නීතිවිරෝධී කේබල් රූපවාහිනි ව්‍යාපාරයක
http://am.lk/media/k2/items/cache/355a934f27a2728dd815e4b8d0886d10_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/06/trc.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/06/trc.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy