දෙහිවල සහ නුගේගොඩ ගුවන් පාලම් ආශ්‍රිතව රථ වාහන පෙරහුරුවක් සිදුකිරීමට පොලීසිය සැලසුම් කර තිබේ. පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ලබන 25 වැනිදා ...
දෙහිවල සහ නුගේගොඩ ගුවන් පාලම් ආශ්‍රිතව රථ වාහන පෙරහුරුවක් සිදුකිරීමට පොලීසිය සැලසුම් කර තිබේ.
පොලිස් මූලස්ථානය නිවේදනය කළේ ලබන 25 වැනිදා සිට 28 වැනිදා දක්වා එම පෙරහුරුව පැවැත්වෙන බවයි.
එම දිනවල නුගේගොඩ සහ දෙහිවල ගුවන් පාලම් ආශ්‍රිතව පෙරවරු 07.00 සිට පෙරවරු 08.00 දක්වා කොළඹට ඇතුළු වන වාහන පමණක් ගමන් කරවීමට ද ඉන් අනතුරුව පස්වරු 5.30 සිට පස්වරු 6.30 දක්වා කාලය තුළ කොළඹින් පිටවන වාහන පමණක් එම ගුවන් පාලම්වලින් ගමන් කරවීමට ද නියමිතය.
COMMENTS