දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
19 සතිඅටෙන් ඉවරයි: ජනපති ධූර කාලයෙත් වෙනසක්
Homeප්‍රවෘත්ති

19 සතිඅටෙන් ඉවරයි: ජනපති ධූර කාලයෙත් වෙනසක්

PropellerAds

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව නව රජයේ දෙවැනි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට ස...

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 19 වැනි සංශෝධනය අහෝසි කිරීම සඳහා වන 20 වැනි ව්‍යවස්ථා සංශෝධන යෝජනාව නව රජයේ දෙවැනි කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කිරීමට සැලැසුම්කර ඇතැයි වාර්තා වේ.

ඉදිරි සති අටක කාලය තුළ එය පාර්ලිමේන්තුවෙන් සම්මත කරගැනීමටද රජය තීන්දු කර ඇති බව පැවසේ.

දැනට මෙම ව්‍යවස්ථා සංශෝධනය සිදු කිරීමට අවශ්‍ය නීති ලේඛන සැකසීම ආරම්භ කර ඇති බව වාර්තා වේ.

ඉන්පසුව වසර දෙකක කාලයක් තුළ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය සඳහාද රජය තීන්දුවක් ගෙන ඇත.

අභිනව අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි මහතා වත්මන් ව්‍යවස්ථාව සංශෝධනයට අදාළ මූලික කෙටුම්පත මේ වනවිටත් සකස් කර අවසන් බවද මේ අතර වාර්තා වේ.

19 වැනි ව්‍යවස්ථා සංශෝධනය අහෝසි කිරීමත් සමඟ 18 වැනි ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීමට නියමිතය.

එහෙත් එහි ප්‍රධාන වගන්ති ගණනාවක්ද සංශෝධනය කිරීමට නියමිත බව වාර්තාවන අතර ජනාධිපතිවරයාගේ ධුර කාලය 18 වැනි සංශේධනය අනුව වසර 6කි.

එසේ වුවත් 20 වැනි සංශෝධනය මගින්ද එය (19 වැනි සංශෝධනයේ සඳහන් ආකාරයට) වසර 5කට සීමා කිරීමට නියමිත බව වාර්තා වේ.

එසේම ජනාධිපති ධුරයට තරග කළ හැකි වාර ගණන 19 වැනි සංශෝධනයේ තිබූ ආකාරයටම වාර දෙකකට සීමා කෙරෙන විධිවිධාන 20 වැනි සංශෝධනයට ඇතුළත් බව වාර්තා වේ.

ස්වාධීන කොමිෂන් සභාවල බලතල පූර්ණ වෙසකකට ලක් කිරීමකට ද සැරසෙන බව වාර්තා වේ.

එසේම රජයේ උසස් නිලතලවලට සුදුස්සන් පත් කෙරෙන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාවේ පත්කිරීම් හා සංයුතියද වෙනස් කිරීමට නියමිත බව පැවසේ.

ව්‍යවස්ථා සභාව සහ ස්වාධීන කොමිෂන් සභා සම්බන්ධව බල පවත්වන්නේ 17 වැනි ව්‍යවස්ථා සංශෝධනය මගින් ස්ථාපිත කරන ලද ක්‍රමවේදය නැවත ක්‍රියාවට නැංවීමට සැරසෙන බවද වාර්තා වේ.

එවිට එම තනතුරුවලට පත් කිරීමේ වැඩි වගකීම ජනාධිපතිවරයාටම පැවරීමට නියමිතය.

ස්වාධීන කොමිෂන් සභා සම්පූර්ණයෙන් අහෝසි කිරීමට මෙතෙක් යෝජනා වී නොමැති බවද මේ අතර වාර්තා වේ.

තොරතුරු දැනගැනීමේ කොමිසමට අදාළ වගන්ති නොවෙනස්ව ක්‍රියාත්මක කිරීමට සැලැසුම් කර ඇතත් අතුරුදන්වූවන්ගේ කොමිසම සම්බන්ධ විශේෂ තීරණ ගණනාවක් ගැනීමට නියමිත බව පැවසේ.

එසේම පොලිස් කොමිසම, අල්ලස් කොමිසම, මැතිවරණ කොමිසම හා මානව හිමිකම් කොමිසමේ බලතල සෑහෙන පමණ සංශෝධනය කිරීමට සූදානම් බවද වාර්තා වේ.

නව ව්‍යවස්ථා සංශෝධනයත් සමඟ ජනාධිපතිවරයාට අමාත්‍ය පදවි දැරීමට නීතිමය අවසරය හිමිවන අතර ද්විත්ව පුරවැසියන්ට මැතිවරණ තරග කිරීමට තිබූ නීතිමය බාධාවන්ද ඉවත් කිරීමට නියමිතය.

-srilankamirror
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: 19 සතිඅටෙන් ඉවරයි: ජනපති ධූර කාලයෙත් වෙනසක්
19 සතිඅටෙන් ඉවරයි: ජනපති ධූර කාලයෙත් වෙනසක්
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgi4EmX3GkaoRBMMBotxyD9fQmhIEmt0_qaz58MOPyTrt9Yf94MW8WA_bQ8KxVxaC5Vxfpp1LL1ke6SDKhiFDsWFE7Ue6ERqnAv1pWB2PrL-rmbfo-kjrdnTpbUK3eh-JYXzdglH3aDFT0/s320/20ament.jpg
https://blogger.googleusercontent.com/img/b/R29vZ2xl/AVvXsEgi4EmX3GkaoRBMMBotxyD9fQmhIEmt0_qaz58MOPyTrt9Yf94MW8WA_bQ8KxVxaC5Vxfpp1LL1ke6SDKhiFDsWFE7Ue6ERqnAv1pWB2PrL-rmbfo-kjrdnTpbUK3eh-JYXzdglH3aDFT0/s72-c/20ament.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2020/08/19_16.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2020/08/19_16.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy