දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය
Homeගොසිප්

ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය

PropellerAds

ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය කර හරින ලද ශ්‍...

වයස් කාණ්ඩ තුනකට සර්විස් දෙන අත්තිඩියේ ගණිකා මඩම මාට්ටු
කවුරු කෑගැහුවත් රාජගිරියේ බස් තීරුව සාර්ථකයි - Data තියනවා - ඇමති පාඨලී
උමාලිගෙයි දනුකගෙයි ලේන් කතාව කෙප්පයක්



ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව
සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය


පසුගිය දිනවල සමාජ ජාල වෙබ් අඩවි මගින් ප්‍රචාරය කර හරින ලද ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතනයක් ඉදිකරන්නට යන සංසිද්ධිය මේ වනවිට බොහෝ දුරදිග ගොස් තිබේ.
මෙම කතාව ජාතිවාදය,දේශපාලන විරෝධය හා පාරිසරික ප්‍රශ්න වැනි විවිධ කාරණා අවුස්සන සුළු මාතෘකාවක් බවට පත්ව තිබෙන අතර මේ සම්බන්ධයෙන් ශ්‍රී පාදස්ථානාධිපති අතිපුජ්‍ය බෙංගමුවේ ධම්මදින්න නායක ස්වාමින් වහන්සේටද මාධ්‍ය ඉදිරියේ පිළිතුරු සපයන්නට කරුණු යෙදුණා.
ශ්‍රී පාදයට ආසන්නයේ බැසිල් රාජපක්ෂට අයත් ඉඩමක් අරාබි ජාතිකයින් පිරිසකට
හෝටලයක් ඉදිකිරීම පිණිස විකුණා ඇති බවත් ඒ කටයුත්තට එම අයිතිකරුවන් හෙලිකොප්ටරයකින් එම ඉඩමට පැමිණ සොයා බලා ඇතිය යන්න මෙහි එක් කාරණාවකි.

මේ සම්බන්ධ ඇතැම් විශ්වාස කළ හැකි ඡායාරූප කිහිපයක්ද සමාජ ජාලා වලින් සංසරණය වූ අතර ශ්‍රී පාදය ‘ආදම්ස් පීක්‘ නමින් හදුන්වමින් මුස්ලිම් ලබ්ධිකයින්ද වන්දනා මාන කරන බැවින් ඉදිරියේදී එය මුස්ලිම් සිද්ධස්ථානයක් බවට පරිවර්තනය කරගන්නා මුල් අවස්ථාව මෙය බව දක්වමින් අනතුරු හගවන්නට සමාජ ජාලා පිටු උත්සාහ ගෙන තිබුණි.

මෙම කතාවට ශ්‍රී පාදස්ථානාධිපති හිමියන්ගේ පිළිතුර වූයේ මෙම ස්ථානය වන්දනාමාන කිරීම ඕනෑම ආගම් අදහන්නෙකුට හැකි බවත් එය මුල්කරගෙන ගැටලු ඇතිකරගන්නට උවමනා නැති බවත්ය. එසේම උන් වහන්සේ දැනුවත්ව ශ්‍රී පාදයට අයිති ඉඩම් නැති නිසා කොහේවත් හදන හෝටලයකට අයිතිවාසිකම් කියන්නට හෝ විරුද්ධ වන්නට තමන්ට උවමනා නැති බවත් උන්වහන්සේ දන්වා සිටියා.

කෙසේ වෙතත් එම රැස්වීමට සහභාගීවූ නිලධාරීන් මෙවැනි


ඉදිකිරීමක් සිදු කරන බව තහවුරු කර තිබේ.
දැනට වාර්තාවන ආකාරයට ‘මරේ වත්ත‘ නමින් හැඳින්වෙන නල්ලතන්නි පොලිස් වසමට අයත් ස්ථානයක මෙම සංචාරක නිකේතනය ඉදිකරන්නට සැලසුම් කර ඇත.

එය ශ්‍රීපාදය පාමුල පිහිටා ඇති බවට සමාජ ජාලා මගින් විස්තර කර තිබුණත් ගූගල් සිතියම අනුව කළ සොයා බැලීමකදි එම හෝටලය ශ්‍රී පාද මළුවේ සිට කිලෝමිටර් හයක් එපිටින් වු මරේ දියඇල්ල ආසන්නයේ පෞද්ගලික ඉඩමක පිහිටා ඇති බව පෙනී යයි.

සංචාරක නිකේතන සදහා අදාළ වන පාරිසරික බලපත්‍රය ලැබේ නම් එම ඉදිකිරීම කවුරුන් කළත් ගැටලු ඇති නොවන අතර මේ සම්බන්ධයෙන් ඇතිවූ ආන්දෝලනය මත මධ්‍යම පරිසර අධිකාරිය මේ වනවිට එම ස්ථානය ගැන සෝදිසියකට ගොස් ඇත්තේ එම අවසරය ලබාදිය හැකිද යන්න සොයා බැලීමටය.

මෙම ඉඩමේ අයිතිකරු බැසිල් රාජපක්ෂ යයි එක්තරා පිරිසක් පවසද්දී තවත් පිරිසක් පවසන්නේ වත්මන් රජයේ ප්‍රබල ඇමතිවරයෙකුගේ සම්බන්ධයක් මෙම ඉඩමට ඇති බවකි. පසුගියදා බැසිල් රාජපක්ෂගෙන් සෘජුව මාධ්‍ය මේ ගැන විමසූ අවස්ථාවේ ඔහු එය තමන්ට අයිති බව හෝ නැති බව නොකියා ගියේ ප්‍රහේලිකා උත්තරයක් දෙමිනි
Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය
ශ්‍රී පාද අඩවියේ සංචාරක නිකේතන කතාව සැගවුණ දේශපාලකයා සහ මුස්ලිම් හස්තය
http://ift.tt/2eLwDQX
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_298.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/10/blog-post_298.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy