දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
කවුරු කෑගැහුවත් රාජගිරියේ බස් තීරුව සාර්ථකයි - Data තියනවා - ඇමති පාඨලී
Homeගොසිප්

කවුරු කෑගැහුවත් රාජගිරියේ බස් තීරුව සාර්ථකයි - Data තියනවා - ඇමති පාඨලී

PropellerAds

පසුගිය මාර්තු 12 වන දා සිට 19 වන දා දක්වා රාජගිරිය මංසන්දියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා දෙපසට එක් මංතීරුවක් කාර්ය බහුල හෝරාවන් වලදී බස්රථ...

ලසන්ත ඝාතනයට වසර 10 සැමරුමට මංගලත් කනත්තට ඇවිත්
වාහනය පාරෙන් පැන සිදුවූ අනතුරින් මොරටුව ඉංජිනේරු පීඨ සිසුවා මරුට
කෝටි 1000 ට වැඩි මැසිම කපලා බේරුවේ කාවද (බදාදා කාටූන්)

පසුගිය මාර්තු 12 වන දා සිට 19 වන දා දක්වා රාජගිරිය මංසන්දියේ සිට ආයුර්වේද මංසන්ධිය දක්වා දෙපසට එක් මංතීරුවක් කාර්ය බහුල හෝරාවන් වලදී බස්රථ ධාවනය සඳහා ප‍්‍රමුඛතා මංතීරු ලෙස වෙන්කර විශේෂ
අධ්‍යනයක් සිදු කරන ලද අතර මේ නිසා අධික මාර්ග තදබදයක් ඇතිවී බොහෝ අයට වෙනදා වේලාවට රැකියාවල් හෝ වෙනත් අවශ්‍යතා සඳහා ගමන් කරන්නට බැරි විය.
ක්‍රිකට් ක්‍රීඩක මහේල ජයවර්ධන පවා එය විවේචනයට ලක් කරන ලදි. ඇතැම් මාධ්‍ය මෙය අසාර්ථක යැයි ද හුවා දැක්විණ.

අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා ඊයේ (22) කියා සිටියේ‍ 14 වන දා සිට 19 වන දා දක්වා මෙම නියමු ව්‍යාපෘතිය සාර්ථක වූ බවත් එහි සාර්ථකත්වය එම මාර්ගය භාවිත කරන සියළුම දෙනාට දැක ගත හැකි වූ බවයි. 
එම කතාව ඔප්පු කරන්නට දත්ත ගොනුවක්ද ගෙන ඉදිරිපත් කිරීමක් කළ ඔහු කියා සිටියේ,
සාමාන්‍යයෙන් පැයට කි.මි. 20-21 ක සාමාන්‍යයකට යටත්ව ධාවනය වන වාහනයක් මෙම කාලය තුළ දී 17 වනදා වන විට පැයට කි.මි. 30 ක සාමාන්‍යයක් දක්වා වර්ධනය වූ බවයි. එම කාලසීමාව තුළදී නියමු ව්‍යාපෘති වපසරිය තුළ ගමන්ගත් බස්රථ 1,049 කින් මගීන් 32,650 දෙනෙක් ප‍්‍රවාහන පහසුකම් ලබාගෙන ඇති නමුත් 19,238 ක් වන කාර්, වෑන්, ත‍්‍රීවීල් සහ යතුරුපැදි එකතුවෙන් ගමන් පහසුකම් ලබාගෙන ඇත්තේ 28, 851 ක් පමණක් බවත් හෙළි කරන ලදි.
මාර්තු 15 වන දින වන විට බස්රථ 1,253 ක් දක්වා වර්ධනය වී මගීන් 42, 440 ක් සඳහා ප‍්‍රවාහන පහසුකම් සපයා ඇති අතර අනෙක් ප‍්‍රවාහන කාණ්ඩයේ 21,927කින් මගී පහසුකම් සැලසී ඇත්තේ 32,891 කට පමණි. මේ අනුව  බස්රථ සඳහා මෙන්ම පාසල්, රැකියා කටයුතු සඳහා භාවිත කරන පොදු ප‍්‍රවාහන සේවය වෙනුවෙන් ප‍්‍රමුඛතා මංතීරු විධිමත්ව හඳුන්වා දෙන්නේ නම් ඉන් කාලය මෙන්ම මාර්ග තදබදයද සැලකිය යුතු ප‍්‍රමාණයකින් අවම කරගත හැකි බව ඔප්පුවන බව ඔහු කියා සිටියේය.

මෙම සමීක්‍ෂණය ආශ‍්‍රයෙන් එක් එක් ප්‍රවාහන මාධ්‍ය භාවිත කරන්නන්ගෙන් කැමැත්ත සහ අකමැත්තද විමසා ඇත. ඒ අනුව වැඩි ප‍්‍රතිශතයක් බස්රථ මගීන්, පෞද්ගලික වාහන භාවිත කරන්නන්, ත‍්‍රී රෝද රථ හිමියන්, මේ සඳහා බහුතර කැමැත්ත ලබාදී ඇත. එය ප‍්‍රතිශතයක් වශයෙන් පිළිවෙලින්, 42%,37% හා 40% ක ප‍්‍රමාණයකි. අකමැත්ත පළවී ඇත්තේ බස්රථ මගීන්ගෙන් 20% ක් , පෞද්ගලික වාහන හිමිකරුවන්ගෙන් 7% ක් සහ ත‍්‍රී රෝද රථ හිමියන්ගෙන් 11% ක් පමණි. කෙසේ වෙතත් පොදු ප‍්‍රවාහන සේවයේ ගුණාත්මක භාවය ඉහළ නැංවීම විධිමත් මාර්ග පද්ධතියක් සහ ක‍්‍රමවේදය සැකසීම මෙන්ම වාහන භාවිත කරන්නන් විධිමත් දැනුවත් කිරීම මගින් ප‍්‍රවාහන විනය ඉහළ නැංවීම තුළින්, අධික වාහන තදබදයට මනා විසඳුමක් ලබාදිය හැකි බව අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා වැඩිදුරටත් අවධාරණය කර සිටියේය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29308,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: කවුරු කෑගැහුවත් රාජගිරියේ බස් තීරුව සාර්ථකයි - Data තියනවා - ඇමති පාඨලී
කවුරු කෑගැහුවත් රාජගිරියේ බස් තීරුව සාර්ථකයි - Data තියනවා - ඇමති පාඨලී
http://ift.tt/2mvhMzr
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/03/data.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/03/data.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy