පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කරන බව ජනාධිපති මෛත්‍ර...
පසුගියදා පැවති ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සම්මේලනයේදී ඉදිරි පළාත් පාලන මැතිවරණයට ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අත ලකුණින් තරඟ කරන බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කිරීමත් සමඟ වතුකරයේ ජනතාව තුළ ශ්‍රිලනිපය දිනවීමට දැඩි උනන්දුවක් ඇතිවී තිබෙන බව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නුවරඑළිය දිස්ත්‍රික් සංවිධායක පෙරියසාමි ප්‍රදීපන් මහතා ප්‍රකාශ කරයි.
ප්‍රදීපන් මහතා මේ බව ප්‍රකාශ කළේ අද (09) හැටන් නගරයේ පැවති විශේෂ මාධ්‍ය හමුවකදීය.
එහිදී අදහස් දැක්වූ සංවිධායකවරයා කියාසිටියේ මෙවර පැවති පක්ෂ සම්මේලනයට වතුකරය නියෝජනය කරමින් ඉතිහාසයේ ප්‍රථම වතාවට විශාල පිරිසක් සහභාගී වූ බවයි.
ශ්‍රීලනිපය බුලත් කොලයෙන් තරඟ කළ ජනාධිපති මැතිවරණය සහ පාර්ලිමේන්තු මැතිවරණය නුවරඑළිය දිස්ත්‍රික්කය තුළ අන්ත පරාජයක් ලැබූ බවත් ඉදිරි මැතිවරණවලදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ආණ්ඩුවක් පිහිටුවීමට, අත ලකුණ ජයග්‍රහණය කරවීමට වතුකරයේ ජනතාව සහ තමන් කැපවී කටයුතු කරන බව ඒ මහතා වැඩිදුරටත් අදහස් දක්වමින් කියාසිටියේය.
හැටන් - රංජිත් රාජපක්ෂ
COMMENTS