දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදින්න ඕන නෑ - ජනපති (VIDEO)
Homeප්‍රවෘත්ති

හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදින්න ඕන නෑ - ජනපති (VIDEO)

PropellerAds

හිටපු නායකයින් හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිද යාමට සිදු නොවන බව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි. ජනාධිපතිවරයා මේ ...

දඹුල්ල ක්‍රීඩාංගන වහලයේ අඛණ්ඩ උපවාසයක් (PHOTOS)
විමල් වීරවංශ යළි රිමාන්ඩ්
'එතුමට පුදුම අසනීපයක් තිබිලා' - මහින්ද ගැන චන්ද්‍රිකා කියයි
හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදින්න ඕන නෑ - ජනපති (VIDEO)

හිටපු නායකයින් හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිද යාමට සිදු නොවන බව ජනපති මෛතී‍්‍රපාල සිරිසේන මහතා පවසයි.

ජනාධිපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (29) පෙරවරුවේ මාවනැල්ල ප‍්‍රාදේශීය සභා ශ‍්‍රවණාගාරයේ පැවති උත්සවයකට එක්වෙමිනි.

බලකාමයෙන් මත්වූ ඇතැමුන් පාර නොදැන පාරේ ඇවිද ගියද, රජය ඉතා සිහිබුද්ධියෙන් සහ සංයමයෙන් යුතුව කටයුතු කරමින් රට ගොඩනැගීමට කැපව සිටින බවද ජනාධිපතිවරයා මෙහිදී අවධාරණය කළේය.

අද කෝටි නව ලක්ෂයක ණය බරකින් අපේ රට පෙළෙන බව ප‍්‍රකාශ කළ ජනාධිපතිවරයා පසුගිය රජය දැවැන්ත සංවර්ධනයක් ගැන කථා කරමින් රට ඉසිලිය නොහැකි ණය බරකට ඇද දැමීමේ අභියෝගයට මුහුණදීමට සිදුව ඇත්තේ නව රජයට බව ද කියා සිටියේය.

වරක් ජනාධිපති ධූරයේ කටයුතු කර නැවත ආණ්ඩුවක් ඉල්ලා දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදීමට තමාට නම් අවශ්‍ය නොවන බව මෙහිදී පැවසූ ජනාධිපතිවරයා සිය ධූර කාලය තුළ තම වගකීම් සහ යුතුකම් නිසි ලෙසම ඉටු කරන බව ද අවධාරණය කළේය.

කෑගල්ල දිස්ති‍්‍රක්කයේ පිරිවෙන් සහ පල්ලි 50 කට පරිගණක යන්ත‍්‍ර ලබාදීම වෙනුවෙන් මෙම උත්සවය පැවැත්විණි. සර්ව ආගම් නියෝජනය වන පරිදි ආගමික නායකයින්ට පරිගණක යන්ත‍්‍ර ලබාදීම සංකේතාත්මකව ජනාධිපතිවරයා අතින් සිදු විය.

අමාත්‍යවරුන් වන කබීර් හෂීම්, රංජිත් සියඹලාපිටිය, රවුෆ් හකීම්, රාජ්‍ය අමාත්‍ය චම්පිකා පේ‍්‍රමදාස, හිටපු අමාත්‍ය අතාවුද සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර, ළඟම පාසල හොඳම පාසල, සංකල්පය කෑගල්ල දිස්ති‍්‍රක්කය තුළ කි‍්‍රයාත්මක කරමින් මාවනැල්ල, මෙඬේරිගම විද්‍යාලයේ පැවති උත්සවය සඳහා ද ජනාධිපතිවරයා ඊයේ පෙරවරුවේ එක් විය.

ප‍්‍රාදේශීය ලේකම් කොට්ඨාස මට්ටමින් තෝරාගත් පාසල් දෙකක් හොඳම පාසල් ලෙස සංවර්ධනය කිරීම මෙම වැඩසටහන යටතේ සිදු කෙරෙන අතර ජනපි‍්‍රය පාසල් සඳහා පවතින තරඟය අවම කිරීම එහි අරමුණයි.

සංවර්ධනය පිළිබඳ කෙතරම් උදම් ඇනුවද ලංකාවේ පාසල් දස දහස් එකසිය පනහ අතුරින් පාසල් හාරදහසකට වැඩි ප‍්‍රමාණයක මූලික පහසුකම්වත් සපුරා නොමැති බව මෙහිදී පෙන්වා දුන් ජනාධිපතිවරයා නිදහස් සෞඛ්‍ය සහ නිදහස් අධ්‍යාපනය සඳහා ඉතා සාධාරණ සම්පත් බෙදීමක් සහ කළමනාකරණයක් අවශ්‍ය බවත්, රටේ සෑම දරුවෙක් වෙනුවෙන්ම එම අයිතිය තහවුරු කිරීමට වත්මන් රජය කැපවන බවත් ප‍්‍රකාශ කළේය.

මැති ඇමතිවරු පිරිසක් ද විදුහල්පතිනිය එස්.කේ. බටවල මහත්මිය ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29290,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදින්න ඕන නෑ - ජනපති (VIDEO)
හරියට ආණ්ඩු කළා නම් දෙපතුල්වල දියපට්ට එනතුරු ඇවිදින්න ඕන නෑ - ජනපති (VIDEO)
http://ift.tt/2aQInOb
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2016/07/video_30.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2016/07/video_30.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy