ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට මාගම්පුර වරාය ආශ්‍රිත කර්මාන්ත 150 ක ව්‍යාපෘතිය ලබන වසරේ දී ආරම්භ කරන බව විශේෂ ව්‍යාපෘ...
ශ්‍රී ලංකාවේ විශාලතම ව්‍යාපෘතියක් ලෙස හම්බන්තොට මාගම්පුර වරාය ආශ්‍රිත කර්මාන්ත 150ක ව්‍යාපෘතිය ලබන වසරේ දී ආරම්භ කරන බව විශේෂ ව්‍යාපෘති අමාත්‍ය සරත් අමුණුගම මහතා ප්‍රකාශ කරයි.
ඒ මහතා මේ බව සඳහන් කළේ ඊයේ (29) චීන තනාපතිවරයා ඇතුළු කණ්ඩායමක් හම්බන්තොට මාගම්පුර මහින්ද රාජපක්ෂ ජාත්‍යයන්තර වරාය හා මත්තල ජාත්‍යන්තර ගුවන්තොටුපල නිරීක්ෂණය කිරිමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා, "අද අපි හම්බන්තොටට ආවේ හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය ඉක්මන් කරන්න. මෙය ලංකාවේ විශාලතම ව්‍යාපෘතිය බවට එන වසරේ පත් කරනවා. මොකද අවශ්‍ය හුඟක් දේවල් මෙහේ තියෙනවා. පාරවල්, ගුවන් තොටුපලක්, නැව් තොටුපලක්, හොඳ ලොකු හෝටලයක්, හොද කාර්යාලයක් තියෙනවා. මේ සියල්ල එකතු කරල ඉක්මනටම හම්බන්තොට සංවර්ධන ව්‍යාපෘතිය ආරම්භ කරනවා. අක්කර 1500 ක චීනයෙන්ම කර්මාන්ත 150 ක් මෙහි සකස් කරන්න කටයුතු කරනවා.මේ හේතුවෙන් හම්බන්තොට පමණක් නෙවෙයි බදුල්ල, මාතර, වැනි ප්‍රදේශවල රැකියා ප්‍රශ්නය විසඳීමට ද කටයුතු කරනවා. මේ සඳහා අපේ රජය මගින් ඉක්මනටම විදුලිය, ජලය ඇතුළු යටිතල පහසු කම් ලබා දිමට පියවර ගන්නවා. ඉන් පසුව හම්බන්තොට විශ්මය ජනක සංවර්ධනයක් සිදු වෙනවා. ජනාධිපතිතුමා කෘෂිකාර්මික ව්‍යාපෘතියක් ආරම්භ කළා වගේ මෙය කර්මාන්ත ක්ෂේත්‍රයේ දියුණුවක් ඇති වෙනවා. ඊට පසු සංචාරක සේවවා ද මෙගින් දියුණු වෙනවා." යි කියා සිටියේය.
මේ අතර වරාය සහ ගුවන්තොටුපල චීනයට විකිණීමට යන බවට නැගෙන චෝදනා සම්බන්ධයෙන් මාධ්‍යවේදීන් ප්‍රශ්න කිරීමේදී ඒ සඳහා පිළිතුරු දුන් ජාත්‍යයන්තර වෙළඳ හා වාණිජ කටයුතු අමාත්‍ය මලික් සමරවික්‍රම මහතා කියාසිටියේ ඒ කතාව සම්පුර්ණ අසත්‍යක් බවයි.
එයට පිළිතුරු දුන් මලික් සමරවික්‍රම මහතා, "දෙගොල්ලොම එකතුවෙලා තමයි සංවර්ධනය කරගෙන යන්නේ' ආණ්ඩුවටත් කොටස් තියෙනවා. දැනටමත් චීන ආයෝජකයෝ සුදානම්ව ඉන්නවා අපිත් එක්ක සම්බන්ධවෙලා මේ සංවර්ධනය පටන් ගන්න. චීනයට විකුනනවයි කියලා බොරු කතා කිය කිය ඉදලා රට බංකොලොත් කරන්න නොවෙයි අපේ අදහස. මේ ව්‍යාපාර විගහටම පටන් ගන්න අවශ්‍යයි. අපිට ණයගෙවලා කර්මාන්ත ශාලා හදන්නේ නැතිව හිටියොත් තවත් රට බංකොලොත් වෙනවා. අපි විගහටම ජනවාරි මාසේ වෙනකොට අපි බලාපොරොත්තු වෙනවා වරායෙත් වැඩ පටන් ගන්න. ඒ වගේම කර්මාන්ත ශාලා දාන්න කලාපයකුත් අක්කර 15000ක් දැනටමත් ඒ අය ඉල්ලනවා. අපි දැන් ඒ සදහා ඉඩම් හොයාගෙන යනවා. ඔක්තෝම්බර් මාසේ වෙනකොටවත් වැඩ පටන් ගන්න පුළුවන් කියලා අපි බලාපොරොත්තු වෙනවා." යි පැවසීය.
හම්බන්තොට - රාහුල් සමන්ත හෙට්ටිආරච්චි
COMMENTS