එළඹෙන පළමුවැනිදා ඒකාබද්ධ විපක්ෂ පා ගමන කිරිබත්ගොඩ සිට කොළඹට ඇතුල්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ අ...
එළඹෙන පළමුවැනිදා ඒකාබද්ධ විපක්ෂ පා ගමන කිරිබත්ගොඩ සිට කොළඹට ඇතුල්වීම වළක්වමින් නියෝගයක් නිකුත් කරන ලෙස පෑලියගොඩ පොලිසිය කළ ඉල්ලීමක් කොළඹ අතිරේක මහේස්ත්‍රාත් ශානිමා විජේබණ්ඩාර මහත්මිය ඉවත දැමුවාය.
පා ගමනින් මේ දක්වා මහජන කටයුතු වලට බාධාවක් හෝ, නීති කඩවීමක් හෝ, අනර්ථවත් දෙයක් හෝ සිදුව නොමැති බව මහේස්ත්‍රාත්වරිය ප්‍රකාශ කළාය.
එවන් කිසිවක් සිදුවුවහොත් ඒ පිළිබඳ අධිකරණය දැනුම්වත් කර අදාළ පියවර ගැනීමට පොලිසියට හැකි බවද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් පැවසුවාය.
COMMENTS