ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ ...
ගල්කිස්ස මහේස්ත්‍රාත් අධිකරණය ලබාදුන් නියෝගයකට අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ සහ පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශයේ නිලධාරින්ගේ අධීක්ෂණය යටතේ යෝෂිත රාජපක්ෂට අයත් බව කියන දෙහිවල, මිහිඳු මාවතේ පිහිටි රුපියල් මිලියන 50 ක් වටිනා ඉඩමේ මැනුම් කටයුතු මේ වනවිට සිදු කරන බව වාර්තා වේ.
එම ස්ථානයට පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාද පැමිණ සිටින බව වාර්තා වේ.
යෝෂිත රාජපක්ෂ මහතාට ඉඩමක් තම නමට ලියා ගැනීමේදී මූල්‍ය විශුද්ධිකරණයක් වී ඇති බවට පවසමින් ඔහුට සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මියට එරෙහිව පොලිසිය ගොනුකර තිබූ පැමිණිල්ල පසුගිය 15 වනදා කැඳවූ අවස්ථාවේදී යෝෂිත රාජපක්ෂට අයත් බව කියන මෙම ඉඩමෙහි මැනුම් කටයුතු පසුගිය 20 වනදා සිදුකිරීමට ගල්කිස්ස අධිකරණය නියෝග කළේය.
කෙසේ වෙතත් මැනුම් කටයුතු සිදුකිරීමට නියමිතව තිබූ පසුගිය 20 වනදා යෝෂිත රාජපක්ෂ මහතා සහ ඔහුගේ මිත්තණිය වන ඩේසි ෆොරස්ට් මහත්මිය එම ඉඩමට පැමිණ සිටියේ නැත.
පසුව මේ පිළිබඳව පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාශය අධිකරණයට කරුණු වාර්තා කළ අතර එහිදී යෝෂිත රාජපක්ෂ මහතා දැනුම්දී තිබුණේ අදාළ දිනයේ තමන් වෙනත් අධිකරණයක පැවති නඩු විභාගය සඳහා පෙනී සිටි නිසා ඊට සහභාගි වීමට නොහැකි වූ බවයි.
ඒ අනුව මැනුම් කටයුතු අද දිනයේදී සිදුකරන ලෙස අධිකරණය නියෝග කළේය.
COMMENTS