හිටපු ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා වහා අත්අඩංගුවට ගත යුතු බව එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මුජිබුර් රහුමාන් මහතා සඳහන් කරයි...
ඇවන්ගාඩ් මුහුදු ආරක්ෂක සමාගමේ සභාපතිවරයා ඇතුළු සෙසු නිලධාරීන් අත්අඩංගුවට ගන්නා සේම එම සමාගමට බලය ලබා දුන් ගෝඨාභය රාජපක්ෂ මහතා අත්අඩංගුවට ගතයුතු බවද මන්ත‍්‍රීවරයා පැවසීය.
ඇවන්ගාඩ් සමාගමට අදාළ ගිවිසුම අත්සන් කිරීමටත්, ජනතාවගේ මුදල් අවභාවිතා කිරීමට අවශ්‍ය පරිසරය හදා දුන්නේ ගෝඨාභය රාජපක්ෂ මහතා ආරක්ෂක ලේකම්වරයාව හිදිමින් බවද ඔහු කියා සිටියේය.
එසේ නොමැතිව සමාගමේ සභාපතිවරයා සහ ඉහළ නිලධාරීන් අත්අඩංගුවට ගෙන මෙම ප්‍රශ්නය විසඳෙන්නේ නැති බවද ඔහු පැවසීය.
කොළඹදී පැවති මාධ්‍ය හමුවක් අමතමින් ඔහු මෙම අදහස් පළ කළේය.
COMMENTS