හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට 65 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට සහභාගීවීමට තවමත් කාලය ඇති බව ශ්‍රීලනිපයේ...
හිටපු ජනාධිපති, පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්ද රාජපක්ෂ මහතාට 65 වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සංවත්සරයට සහභාගීවීමට තවමත් කාලය ඇති බව ශ්‍රීලනිපයේ මහ ලේකම් අමාත්‍ය දුමින්ද දිසානායක මහතා ප්‍රකාශ කරයි.
අමාත්‍යවරයා මේ බව ප්‍රකාශ කළේ ඊයේ (02) ශ්‍රීලනිපයේ 65 වන සංවත්සරය පැවැත්වෙන කුරුණෑගල, මාළිගාපිටියේ නිරීක්ෂණ චාරිකාවකට එක්වීමෙන් පසු මාධ්‍ය වෙත අදහස් දක්වමිනි.
එහිදී අදහස් දැක්වූ ඒ මහතා," මහින්ද රාජපක්ෂ මැතිතුමාට අපි ආරාධනා කළා. සහභාගී වෙන්නේ නෑ කියන පණිවිඩය තමයි අපිට ආවේ. මහින්ද රාජපක්ෂ මැතිතුමා සහභාගී වුණු දේශනය අද වෙනකොට ඉවර වෙලා තියෙනවා. ඒක විශේෂ දේශණයක් නෙමෙයි. ඒක නිසා එතුමාට එන්න පුළුවන්නම් හෙටත් එන්න දවස තියෙනවා" යනුවෙන් පැවසීය.
වීඩියෝව පහතින්.
COMMENTS