පසුගිය ජනපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමෙන් රජයට පාඩු කළැයි චෝදනා මත සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාට රුපියල් ලක්ෂ 100ක බැඳුම්කරය...
පසුගිය ජනපතිවරණ සමයේ සිල් රෙදි බෙදාදීමෙන් රජයට පාඩු කළැයි චෝදනා මත සිටින හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාට රුපියල් ලක්ෂ 100ක බැඳුම්කරයක් මත විදේශ ගතවීමට කොළඹ මහාධිකරණ විනිසුරු එන්.වී.කරුණාතිලක මහතා අද (03) අවසර දුන්නේය.
සිය සේවාදායකයාට ඉන්දියාවේ වන්දනා ගමනක් සඳහා යාමට ගුවන් ගමන් බලපත්‍රය මුදා හරින ලෙස හිටපු ජනපති ලේකම් ලලිත් වීරතුංග මහතාගේ නීතිඥවරයා අධිකරණයෙන් ඉල්ලීමක් කළේය.
ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ මහාධිකරණ විනිසුරු එන්. වී. කරුණාතිලක මහතා අගෝස්තු මස 30 වැනිදා සිට සැප්තැම්බර් මස 15 වැනිදා දක්වා කාලය තුල ගුවන් ගමන් සඳහා මෙලෙස ගමන් බලපත්‍රය මුදා හැරීමට නියෝග කළේය.
පසුගිය ජනාධිපතිවරණ සමයේදී විදුලි සංදේශ නියාමන කොමිසමේ රුපියල් මිලියන 600ක මුදලක් වැය කර සිල් රෙදි බෙදා හැරි බවට මොහුට විරුද්ධව නීතිපතිවරයා මහාධිකරණය හමුවේ නඩු පවරා තිබෙන අතර එම නඩුවේ සාක්ෂි කැදවීම අද ආරම්භ කළ අතර අදාල සිල් රෙදි සැපයූ ආයතනයේ අධක්ෂකවරයෙකු අද සාක්ෂි ලබාදී ඇති බව වාර්තා වේ.
නඩු විභාගය අගෝස්තු 25 වැනිදාට කල් තැබුණු අතර සාක්කි ලබාදීමට ලලිත් වීරතුංග හා විදුලි සංදේශ නියාමන කොමිසමේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් අනූෂ පැල්පිට මහතා ද කැඳවා තිබිණි.
COMMENTS