මු ලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ ජූලි මස 05 සහ 06 වනදා පැවත්වෙන කඨින පිංකමට පෙර සිදු කෙරෙන වස් ආරාධනා පිංකම නවත්වන්නයි මුලතිව් පොලීසිය ...
මුලතිව් ගුරුකන්ද පුරාණ රජමහාවිහාරයේ ජූලි මස 05 සහ 06 වනදා පැවත්වෙන කඨින පිංකමට පෙර සිදු කෙරෙන වස් ආරාධනා පිංකම නවත්වන්නයි මුලතිව් පොලීසිය මගින් දායක සභාව වෙත දැනුම් දී ඇතයි ගුරුකන්ද පුරාණ රජමහාවිහාරාධිපති පූජ්‍ය කොළඹ මේධාලංකාරකිත්ති හිමියන් පැවසුවේය.
ලබන 05 වනදා සහ 06 වනදා සිදු ගුරුකන්ද රජමහාවිහාරයේ සිදු කෙරෙන වස් ආරාධනා පිංකමට අමතරව 06 වනදා පන්සලේ පිහිටි දේවාලයේද හින්දු බැතිමතුන් පිරිසක් විසින් දේව මෙහෙයක් සිදු කිරීමට සූදානම් වීම හේතුවෙන් වස් ආරාධනා පංකම නවත්වන්නැයි මුලතිව්හි ජ්‍යේෂ්ඨ පොලිස් නිලධාරියෙකු විසින් පන්සලේ දායක සභාව වෙතට දුරකතන ඇමතුමක් මගින් දැනුම් දී ඇත.
එමෙන්ම අදාල පොලිස් නිලධාරියා විසින් 05 වනදා සහ 06 වනදා සිදු කෙරෙන වස් ආරාධනා පිංකම සිදු කරන්නේ නම් අය අධිකරණ තහනම් නියෝගයක් මගින් නවතා දැමීමට පියවර ගන්නා බවටද එදින පන්සල් භූමියට ඇතුලු වන සියලු පුද්ගලයින් පරික්ෂා කොට ඇතුලු කිරීමටත් පියවර ගන්නා බවටද අදාල පොලිස් නිලදාරියා විසින් දායක සභාවට දැනුම් දී ඇත.
මේ පිළිබඳව අදහස් දක්වන ගුරුකන්ද පුරාණ රජමහා විහාරයේ දායක සභා සාමාජිකයින් කියා සිටින්නේ අධිකරණයේ නඩුවක් පවතින අවස්ථාවක එක් පාර්ශවයකට පමණක් ආගමික වතාවත් සිදු කිරීමට පොලීසිය කටයුතු කිරීම අසාධාරණයක් දෙපාර්ශවයේම ආගමික වතාවන් සිදු කිරීමේදී කිසිවෙකුටත් බාධාවක් නොවන අයුරින් සිදු කරගත යුතු බවට අධිකරණයෙන් දැනුම් දී තිබෙන අවස්ථාවක පොලීෂිය මගින් තහනම් නියෝගයක් ලබා දෙන්නේ නම් දෙපාර්ශවයටම ලබා දිය යුතු හෙයින් පන්සල් භූමියක මෙවැනි සිදුවීමක් පිළිබඳව අස්ගිරි හා මල්වතු පාර්ශවයන් වෙතට දැනම් දීමට පියවර ගන්නා බවටත්ය.
– වන්නි රොමේෂ් මධුෂංඛ

COMMENTS