‘දූෂණය විදු නෙතින්’ සංවිධානය විසින් පවත්වන ජූලි මස 2 වනදා පවත්වන ලද මාධ්‍ය සාකච්චාවකදී හදිසි විදුලි බල මිළදී ගැනීම් හරහා සිදුවන වංචාවක් පි...
එහිදි අදහස් දැක්වූ ඉංජිනේරු ආචාර්ය නාලක ගොඩහේවා පෙන්වා දුන්නේ මෙම සුදුකරපටි හොරකම මහ බැංකු බැදුම්කර මංකොල්ලයටත් එහා යන වංචාවක් බවයි.
මේ නිසා ලංකා විදුලි බල මන්ඩලය විශාල වශයෙන් පාඩු ලබන බවත් අවසානයේ මෙහි වන්දි ගෙවන්නට වන්නේ විදුලි පාරිභෝගිකයන්ට බවත්ය.
“මේ අවස්ථාවේ රටේ ප්‍රශ්ණ රාශියක් තිබෙනවා. ඒවා අතර ජනතාවගේ ජීවන් වියදම පිළිබඳ ගැටලු, ජාතික ආරක්ෂාව පිළිබද ගැටලු, රටේ ස්වෛරීත්වය පිළිබඳ ගැටලු, පාතාලය හා මත්ද්‍රව්‍ය පිලිබඳ ගැටලු, ජාතික සම්පත් විකිනීම පිළිබඳ ගැටලු , මුස්ලිම් අන්තවාදය පිළිබඳ ගැටලු ආදී වශයෙන් නිමක් නැති ගැටලු තිබෙනවා. සමහර විට මාධ්‍යයටත් හිතාගන්න බැරුව ඇති මේවා වාර්ථා කිරීමේදී ප්‍රමුකතාවය දෙන්නේ කුමකටද කියා.
අපි ඔබට අද මතක් කරන්නට යන්නේ මේ සියලු ප්‍රශ්න අස්සේ ආන්ඩුවේ සුදුකරපටි හොරකම්, මහා පරිමාණ දූෂණ වංචා ගජරාමෙට සිදුවෙමින් පවතින බවයි.
අද අපි ඔබට කියන්නට යන්නේ මහ බංකු හොරකමටත් එහා යන ජනතාවගේ ඇස වසා කරන මහා පරිමාන වංචාවක් ගැනයි. ඒ තමයි හදිසි විදුලි බල සැපයුම් මහා මංකොල්ලය
මෙය මේ රටේ සියලූම ජතාවට ඍජුවම බලපාන වංචාවක්. පාලකයන් හොරකම් කොට කෝටිපතියන් වෙද්දී ඒවට වන්දි ගෙවන්නට වන්නේ මහජනතාවටයි. හෙට අනිද්දා අපේ විදුලි බිල නිසැකවම වැඩිවීමට නියමිතයි මේ හොරකම් නිසා.ඒ නිසා මාධ්‍ය මේ පිළිබඳව දැනුවත් වීම හා මාධ්‍ය විසින් ජනතාව දැනුවත් කිරීම ඉතා වැදගත්.
ඔබ දන්නවා මේ අවුරුද්දේ පෙබරවාරි මාර්තු මාසවල මේ රටේ විදුලි අර්බූදයක් වාර්ථා වුනා. දවසට පැය කිහිපයක් විදුලිය කපන්නට සිදුවුනා. ඊට පස්සෙ වාර්ථා වුනා රජය හදිසි විදුලි බල සැපයුම් ලබා ගන්නවා කියා. තුර්කියෙන් විදුලි බලය සැපයිය හැකි නැවක් ලංකාවට ආවා. ඊට පසු කාටත් අමතක වුනා මේ සිදුවීම ජාලාව . නමුත් ඔබ නොදැන මහා මංකොල්ලයක් ආරම්බ වී තුබුනා. අපි බලමු මෙහි පසුබිම කුමක්ද කියා.
ඔබට සමහර විට මතක ඇති 2000-2005 කාලයේ මේ රටේ විශාල විදුලි බල අර්බූදයක් තිබුනා. දවසකට පැය අටක් පමන විදුලිය කැපුවා. හැකි හැම ගෙදරකටම කුඩා ප්‍රමාණයේ ජෙනෙරටර් ගන්න සිද්ද වුනා.
නමුත් 2005 -2014 කාලයේ අපි එවැනි විදුලි කැපීම අත් දුටුවේ නැහැ. යුද්ධය සිදුවෙද්දීත් අපට විදුලිය ලැබුනා. යුද්ධය අවසන් වෙලා 2014 වන විට මුලු රට පුරා නිවාස වලින් 98% කට විදුලිය ලැබිලා. එපමනක් නොවෙයි 2014 විදුලි බිල 25% අඩුකරන්නට රජය ක්‍රියා කරා. ඉදිරියේදි විදුලි බල වියදම තවත් අඩු කරන බවට හිටපු රජය පොරොන්දු වෙලා තිබුනේ.
නමුත් වත්මන් යහපාලන ආන්ඩුව ආවට පස්සේ විදුලි බල අඩු වුනේ නැහැ. එය එන්න එන්න වැඩි වුනා. ඒ මදිවට 2019 වන විට අපි ආයෙත් විදුලි අර්බූදයක් පැටලිලා . විදුලිය කපන්න වෙලා. හදිසි විදුලි බල සැපයුම් මිලදී ගන්න වෙලා.
මොකද්ද මේ වෙනස.
අපේ රටේ ක්‍රමවේදයක් තිබෙනා රටේ විදුලි බල සැපයුම වසර 20-30 ක් ඉස්සරහට සැලසුම් කරන්න. එහෙම සැලසුම් කරල තමයි මහවැලි ව්‍යාපෘතියහැඳුවේ. එහෙම සැලසුම් කරල තමයි නොරිච්චෝලෙ තාප බලාගාරය හැදුවේ. කෙරවල පිටිය, ඉහල කොත්මලේ, උතුරු ජනනී වගේ තවත් විවිධ විදුලි බලාගාර හැදුවේ.
1994 -2005 චන්දිරිකා බන්ඩාරනායක රජය එම සැලසුම් හරියට ක්‍රියාත්මක නොකල නිසා තමයි විදුලි බල අර්බූදයක් නිර්මාණය වුනේ ඇගේ පාලන කාලයේ අවසාන කාලයේ. පසුගිය මහින්ද රාජපක්ෂ රජය සැලසුමකට වැඩකල නිසා තමයි විදුලි බල අර්බූදයක් නැතුව ජනතාවට විදුලිය දෙන්න පුලුවන් වුනේ.
2005 -2014 කාලයේ අපේ රටේ විදුලි බල ධාරිතාව දෙගුණයකටත් වඩා වැඩි වුනා. එපමනක් නෙවෙයි 2015 මහින්ද රාජපක්ෂ රජය පරාජය වන විට තව අවුරුදු 10 කට රටට විදුලිය දෙන්න අවශ්‍ය විදුලි බලාගාරය සැලසුම් අනුමතව තිබුනා.
නමුත් වර්ථමාන රජය බලයට ඇවිත් මොනවද කලේ. අන් සෑම ක්ෂේත්‍රයක්ම විනාශ කලා වගේ විදුලි බල ක්ෂේත්‍රයත් විනාශ කලා, කොලඹ පොර්ට් සිටි එක අවලංගු කලා වගේ, හම්බතොට වරාය සංවර්ධන කටයුතු නතර කලා වගේ, ශ්‍රී ලාංකන් ගුවන් සේවයේ නවීනතම ගුවන් යානා ඇනවුම් අවලංගු කලා වගේ යහපාලන ආන්ඩුව 2015 -2020 කාලය තුල අපේ විදුලි බල පද්දතියට එක්කරන්නට සැලසුම් කොට තිබු සියලූම නව ව්‍යාපෘතීන් නවතා දැමුවා.
වෑඩ ආරම්ඹ කිරීමට නියමිතව තිබූ මෙගාවොට් 500 සාම්පූර් බලාගාරය අවලංගු කලා වැඩ ආරම්ඹ වී තිබූ මෙගා වොට් 120 උමා ඔය ව්‍යාපෘතිය අවලංගු කලා මෙගා වොට් 105 ක ජනනය කිරීමට නියමිත්ව තිබු ගෑස් ටර්බයින් ව්‍යාපෘතිය අවලංගු කලා 2023 දක්වා සැලසුම් කොට තිබූ තිබූ සියලු බලාගාර ව්‍යාපෘති අවලංගු කලා
හම්බන්තොට සුලං මගින් විදුලි බලය උත්පාදනයට ආරම්බ කොට තිබු බලාගාරයක් අතහැර දමා එහි යන්ත්‍ර සූත්‍ර මලකඩ කන ආකාරය පසු ගිය දිනවල සමාජ ජාලා වෙබ් අඩවි හරහා රටටම දක්නට ලැබුනා
2015-2019 කාලය් තුල ලංකාවේ විදුලි බල පද්දතියට කිසිම අලුත් ව්‍යාපෘතීයක් එකතු වුනේ නැහැ. මේ කාලය් තුල පමනක් සැලසුම් කොට තිබූ මෙගා වොට් 1200 කට වඩා වැඩි ධාරිතාවක් මේ අනුව රටට අහිමි වුනා
සැලසුම් නතර කලා කියා රටේ ඉල්ලුම වර්ධනය වන එක නතර වෙන්නේ නැහැ. වසරකට මෙගා වොට් 200 කට වඩා වේගයෙන් විදුලි ඉල්ලුම වැඩි වෙනවා. අලුතින් කිසිම විදුලි බල ජනන ව්‍යාපෘතීයක් එකතු නොවූ නිසා 2019 වන විට ආයෙත් අපි විදුලි බල අර්බූදයක.
ඔන්න දැන් තමයි යහපාලන හොර සැලස්ම අපට තේරෙන්නේ.
විදුලි බල පතතට අනුව ශ්‍රී ලංකා විදුලි බල මන්ඩලයට අලුතින් විදුලි බල ධාරිතාවන් මිළදී ගන්න නම් ටෙන්ඩර් කැඳවිය යුතුයි. නමුත් මෙහි පොඩි සිදුරක් තිබෙනවා. ඒ තමයි හදිසි අවශ්‍යතාවක් සඳහා ටෙන්ඩර් කැඳවීමකින් තොරව විදුලි බලය මිළදී ගැනීමට අවසර තිබීමයි.
දැන් ඔන්න බලලා මල්ලෙන් එලියට පැන්නා. යහපාලනය කලේ කර්මානුකූලව විදුලි බල ධාරිතාව වැඩි කරන්නට තිබුන සැලසුම් අවලංගු කොට රටේ විදුලි අර්බූදයක් එනතුරු බලා සිටීමයි. දැන් අර්බූදය ආව. පාලකයන්ට පුලුවන් ටෙන්ඩර් නැතුව දිගට හරහට විදුලිය මිලදී ගන්න. එසේ ගන්න විට අතයට හුවමාරුවන මුදල් කවුරුවත් දන්නේ නැහැ. වැඩේ ලාබයි. තුර්කියෙන් විදුලි නැවක් එන්නෙත් ඔය විදියට ටෙන්ඩර් නැතුවයි.
2016 ඉදලා මේ ජාවාරම පටන් ගත්තා. අධික මිලට හදිසි විදුලි බල සැපයුම් මිලදී ගන්න පටන් ගත්තා. 2016 මෙගාවොට් 155 ක් 2017 මෙගාවොට් 180 ක 2018 මෙගාවොට් 320 ක 2019 මෙගාවොට් 720 ක් ගන්නට නියමිතයි.
2019 මිලදී ගන්නා හදිසි විදුලි බල සැපයුම් ධාරිතාව පුදුමාකාරයි. එය සමස්ථ මහවැලි ව්‍යාපාරයෙන් ලබාදුන් මෙගා වොට් 665 ක ධාරිතාවටත් වඩා ඉහල ධාරිතාවක්.
නමුත් මේකේ දීර්ඝ කාලීන පාඩුව් කාටද ? ජනතාවටයි. මන්ද මේ හදිසි විදුලිය මිලදී ගන්නේ අධික මිලගනන් වලටයි. එසේම මේ හදිසි විදුලි බල සැපයුම් තාවකාලිකයි. ඒවා අලුතින් බලාගාරයක් ඉදිකරනවා වගේ රටට එකතුවන සම්පත් නොවේ. වියදම් පමනයි.
උදාහරණයක් වශයෙන් ඇමතිවරයාම පාර්ලිමේන්තුවේ කියා ඇති ආකාරයට වර්ථමානයේ විදුලි බල ඒකකයක් නිශ්පාදනය කොට බෙදාහැරීමට වැයවන්නේ රුපියල් 23 ක් පමනයි. නමුත් යහපාලන ආන්ඩුවේ මේ හදිසි විදුලි බල මිලදී ගැනීම වල සමාන්‍ය වියදම එකකයකට රුපියල් 49 ක් පමන වෙනවා. වියදම දෙගුණයකටත් වැඩියි. මේ ගෙවන්නෙ කාගේ සල්ලිද ? ජනතාවගේ මුදල්
2015 ලංකා විදුලි බල මන්ඩලය රුපියල් බිලියන 20 ක ලාබයක් ලැබුවා. ඒ 25% කින් විදුලි බිල අඩුකොට ඒ සහනය ජනතාවට ලබා දුන්නාටත් පස්සෙ. එය දිගින් දිගටම ලාබ ලබන්නටත් ලාබයෙන් කොටසක් යොදාගෙන ජනතාවට විදුලි වියදම අඩු කරන්නටත් සැලසුම් කරලයි තිබුනේ, නමුත් යහපාලන රජය තම හොර මගඩි හරහා එය යලිත් පාඩු ලබන ආයතනයක් බවට පත් කලා.
දැන් ඇමතිවරයාම කියනවා 2019 ලංකා විදුලි බල මන්ඩලය රුපියල් බිලියන 100 ක පාඩුවක් ලැබීමට නියමිතයි කියා. ඔහුම කියනවා ඉදිරි කාලයේ මේ පාඩුව පියවන්න විදුලි බිල වැඩි කරන්න වෙනවා කියලා. කොටින්ම කියනවා නම් මොවුන්ගේ හොරකම් වලට වන්දි ගෙවන්න ඕනේ සාමාන්‍ය මහජනතාවයි. හදිසි විදුලි බල මිලදී ගැනීම් හරහා මේ කරන මහා මංකොල්ලයට යම් බාධාවක් වී තිබෙන්නේ මහජන උපයෝගිතා කොමිසමයි.
ශ්‍රී ලංකාවේ විදුලිබල කර්මාන්තයේ නියාමන ආයතනය වශයෙන් ක්‍රියාත්මක වන්නේ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවයි. වර්ෂ 2002 අංක 35 දරන ශ්‍රී ලංකා මහජ උපයෝගිතා කොමිෂන් සභා පනත යටතේ පාර්ලිමේන්තුව මගින් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවට විදුලි බල කර්මාන්තයේ නියාමන බලතලද පවරන ලද්දේ 2009 අංක 20 දරන ශ්‍රී ලංකා විදුලිබල පනත මගිනුයි.
විදුලිබල කර්මාන්තයේ ප්‍රමාණවත් ආයෝජනයක්, කාර්යක්ෂම සැපයුමක්, සහ ගුණාත්මක සේවා තත්වයක් සහතික වන ආකාරයට විදුලිබලය උත්පාදනය, සම්ප්‍රේෂණය, බෙදාහැරීම, සැපයුම සහ භාවිතය නියාමනය කිරීම සිදු කරණ ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාව පාරිභෝගික අයිතිවාසිකම් ආරක්ෂාකිරීම, තම කොමිෂන් සභාවේ ප්‍රධානම අරමුණක් ලෙස සලකනවා.
ලංකා විදුලි බල මන්ඩලය මේ වන විට සැලකෙන්නේ කොමිසම් සභාවේ බලපත්‍ර ලාභියෙකු ලෙසය. ඒ අනුව ලංකා විදුලි බල මන්ඩලයේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නියාමනයට යටත් වෙනවා.
දැන් යහපාලන ලොක්කන්ට අවශ්‍ය වෙලා තියෙනවා විදුලි බල මන්ඩලයේ ක්‍රියාකාරකම් ශ්‍රී ලංකා මහජන උපයෝගිතා කොමිෂන් සභාවේ නියාමනයෙන් ඉවත් කරගන්නට. එතකොට ඕනෙ සෙල්ලමක් කරන්න පුලුවන්.
ඔන්න දැන් හදිසියේම අලුත් පනතක් ගෙනැවිත් විදුලි බල නියාමන බලය විදුලි බල අමාත්‍යවරයාට හරහා කැබිනට් මන්ඩලයට පවරා ගැනීමට යෝජනාවක් පසුගියදා යහපාලන කැබිනට් මන්ඩලය විසින් සම්මත කරවාගෙන තියෙනවා. කවුද දැන් විදුලි බල අමාත්‍යවරයා. ඔබ හැමෝම දන්න රවී කරුණානායක මහතා.
විදුලි පනත වෙනස් කොට ඇමතිවරයාට නියාමක බලය ලබා දීමේ යෝජනාවට අත්සන් තබා ඇත්තේ අගමැති රනිල් වික්‍රමසිංහ සමඟ රවි කරුණානායක , කබිර් හසීම්, හා මලික් සමරවික්‍රම යන ඇමති වරුයි.
මේ හතර දෙනාම වත්මන් ආන්ඩුව බලයට පැමිණ දින 50 ක් ගත්වන්නට පෙර සිදුවූ මහ බැංකු බැඳුම්කර මංකොල්ලය නැමති සුදු කරපටි හොරකමට ගැන සෙවීමට පත්කල ජනාධිපති විමර්ශණ කොමිසමට පවා ගෙන්වනු ලැබූ අය නේද ?
හතරදෙනාගේ කල්ලිය දැන් මේ මේ සැරසෙන්නේ කුමකටද ? හිතාගන්න අමාරු නැහැ නේද ?”
– NG media

COMMENTS