බදුල්ල සොරණාතොට පුස්සැල්ලා කන්ද රක්ෂිතයේ ඊයේ (02) රාත්‍රි කාලයේ සිට ගින්නක් පැතිරයමින් පවතී. පොලීසිය සඳහන් කරන අන්දමට මේ වනවිට ගින්නෙන් අ...
බදුල්ල සොරණාතොට පුස්සැල්ලා කන්ද රක්ෂිතයේ ඊයේ (02) රාත්‍රි කාලයේ සිට ගින්නක් පැතිරයමින් පවතී.
පොලීසිය සඳහන් කරන අන්දමට මේ වනවිට ගින්නෙන් අක්කර 20ක පමණ භූමියක් විනාශ වී තිබේ.
ගිනි ගෙන දැවෙන වන රක්ෂිතයට පහලින් පිහිටි වැලිහිට ගම්මානය කරා ගින්න පැතිරයමින් පවතින අතර වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවේ නිළධාරීන් ප්‍රකාශ කළේ එය තවදුරටත් පැතිරුනහොත් වැලිහිට ගම්මානයට ද තර්ජනයක් විය හැකි බවයි.
බදුල්ල අපදා කළමණාකරන ඒකකයේ සහකාර අධ්‍යක්ෂ ඊ.එම්.එල් උදය කුමාර මහතා ප්‍රකාශ කළේ වන සංරක්ෂණ දෙපාර්තුමේන්තුවේ නිළධාරින්, බදුල්ල පොලිසිය සහ ප්‍රදේශවාසින් එක්ව ගින්න පලනය කිරිමට කටයුතු යොදා ඇති බවයි.
කිසියම් පුද්ගලයෙකු විසින් තැබු ගින්නක් මෙසේ පැතිරයන්නට ඇතැයි පොලීසිය විශ්වාස කරයි.
ඡායාරූප පහතින්.
බදුල්ල - පාලිත ආරියවංශ
COMMENTS