එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළත්, සමස්ත ලෝකය තුළත් නොමැකෙන ලෙස තම සනිටුවන් කළ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක් වන කොෆී අනන් මහතා රෝගී තත්ත්වයක් හේත...
එක්සත් ජාතීන්ගේ සංවිධානය තුළත්, සමස්ත ලෝකය තුළත් නොමැකෙන ලෙස තම සනිටුවන් කළ ශ්‍රේෂ්ඨ මානව හිතවාදියෙක් වන කොෆී අනන් මහතා රෝගී තත්ත්වයක් හේතුවෙන් ඊයේ(18) අභාවප්‍රාප්ත වී තිබේ.
ඔහු මිය යන විට 80 වැනි වියේ පසුවිය.
ඝානා ජාතික කොෆී අනන්ගේ අභාවය හේතුවෙන් එරට රජය සතියක ශෝක කාලයක්ද ප්‍රකාශ කර ඇත. 1997 වසරේ දිට 2006 දක්වා එක්සත් ජාතින්ගේ මහ ලේකම් ලෙස කටයුතු කළ කොෆී අනන් මහතා 2001 වසරේදී නොබෙල් සාම ත්‍යාගයෙන්ද පිඳුම් ලැබූවකි.
එක්සත් ජාතීන්ගේ සංවිධානයට පත්වූ පළමු කලු ජාතික අප්‍රිකානුවා ලෙස සැලකෙන කොෆී අනන් මහ ලේකම් තනතුරින් සමුගැනීමෙන් පසුව සිරියාව සඳහා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ විශේෂ නියෝජිතයෙක් ලෙස පත්ව සිරියාවේ ගැටුම් සඳහා ස්ථිර සාර විසඳුමක් ලබා ගැනීමට උත්සාහ කළේය.
කොෆී අනන් මහතාගේ සමුගැනීම හේතුවෙන් ලෝක නායකයන් බොහෝ දෙනෙක් සිය සමාජ මාධ්‍ය ගිණුම් හරහා ශෝකය ප්‍රකාශ කරමින් සිටියි.
COMMENTS