දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
මහින්දගෙන් මෛත්‍රීට ටොක්කක්! කරූ ජයසූරියගේ දුරකතන ඇමතුම ගැන මහින්දට මතක නෑලු
Homeප්‍රවෘත්ති

මහින්දගෙන් මෛත්‍රීට ටොක්කක්! කරූ ජයසූරියගේ දුරකතන ඇමතුම ගැන මහින්දට මතක නෑලු

PropellerAds

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධියට අදාළව සීඅයිඩිය පැමිණ තමාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීම සහමුලින්ම දේශපාලන පළිගැනීමක් බව හිට...

ජනපති විශේෂ හෙළිදරව්වකට සැරසෙන ලකුණු
ඩෙංගු යළි හිස ඔසවන ලකුණු
"පොලීසියත් හමුදාවත් අතර යුද්ධයක් ඇති වෙන්න පුළුවන්" - ගම්මන්පිල
මහින්දගෙන් මෛත්‍රීට ටොක්කක්! කරූ ජයසූරියගේ දුරකතන ඇමතුම ගැන මහින්දට මතක නෑලු

මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමේ සිද්ධියට අදාළව සීඅයිඩිය පැමිණ තමාගෙන් ප‍්‍රකාශ සටහන් කර ගැනීම සහමුලින්ම දේශපාලන පළිගැනීමක් බව හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා පවසයි.

අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තු නිලධාරීන් තමාගෙන් පැය 3 කට ආසන්න කාලයක්‌ ප්‍රශ්න කළ බවත් එහිදී ඔවුන් අසා සිටියේ 'කථානායක කරු ජයසූරිය මහතා තමාට කතා කර සිටියාද' සහ 'ඒ කතාවෙන් අනතුරුව මාධ්‍යවේදී කීත් නොයාර් මහතා නිදහස්‌ කර සිටියාද' යන්න බවත් රාජපක්‍ෂ මහතා සඳහන් කළේය.

ඔහු මේ බව සඳහන් කළේ මාධ්‍යවේදී කීත් නොයාර් මහතා පැහැර ගැනීමට අදාළව ඊයේ (17) සිය නිල නිවසේදී පැය 3 කට ආසන්න කාලයක්‌ රහස්‌ පොලිසිය මගින් ප්‍රකාශයක්‌ ලබා ගැනීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස්‌ දක්‌වමිනි.

රටේ නායකයින් දෙපල නොදැන තමා ලඟට සීඅයිඩිය එන්නේ නැති බවත් කරූ ජයසූරිය මහතා කතා කළ බවට තමාට මතකයක් නැති බවත් රාජපක්ෂ මහතා අවධාරණය කළේය.

නමුත් ඉන් එක හොදක් වූ බවත් එම ප‍්‍රශ්න කිරීම්වලින් තමන් රාත්‍රී දහයට නිදාගන්නේ නැති බව හෙළි වූ බවත් ඒ මහතා සඳහන් කරයි.

මන්ද එවකට හිටපු ඇමතිවරයෙකු වූ කරු ජයසූරිය මහතා තමනට දුරකථනයෙන් අමතා ඇත්තේ රාත්‍රී 11.30 ට බව එම පොලිස් නිලධාරීන් විසින් කළ ප්‍රශ්න කිරීමේ දී හෙළි වූ බවද රාජපක්ෂ මහතා පැවසීය.

පසුගිය දිනෙක ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියේ තමන් කොතරම් වැඩ රාජකාරි තිබුණද රාත‍්‍රී 10.00ට නිදා ගන්නා බවයි.

මහින්ද රාජපක්ෂ මහතා හිටපු ජනාධිපතිවරයාගේ මේ ප්‍රකාශය මෛත්‍රීපාල සිරිසේන ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශයට එල්ල කළ අතුල් පහරක් වැනිය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29301,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: මහින්දගෙන් මෛත්‍රීට ටොක්කක්! කරූ ජයසූරියගේ දුරකතන ඇමතුම ගැන මහින්දට මතක නෑලු
මහින්දගෙන් මෛත්‍රීට ටොක්කක්! කරූ ජයසූරියගේ දුරකතන ඇමතුම ගැන මහින්දට මතක නෑලු
http://am.lk/media/k2/items/cache/4f1376dc5da8284082df738dc994005a_S.jpg
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_701.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2018/08/blog-post_701.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy