ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (01) පස්වරුවේ ජකර්තා නුවර සුකර්නෝ – හත්තා ඡ...
ඉන්දුනීසියාවේ දෙදින නිල සංචාරයක නිරතවන අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ඇතුළු දූත පිරිස ඊයේ (01) පස්වරුවේ ජකර්තා නුවර සුකර්නෝ – හත්තා ඡාත්‍යන්තර ගුවන් තොටුපොළින් ඉන්දුනීසියාවට ළඟා වී තිබේ.
ඊයේ ජකර්තා නුවරට ළඟා වූ අග්‍රාමාත්‍යවරයා ඇතුළු දූත පිරිස පිළිගනු ලැබුවේ ඉන්දුනීසියාවේ වෙළෙඳ කටයුතු අමාත්‍ය එන්ගර්තියස්තෝ ලූකිතා (Enggartiasto Lukita) මහතා විසිනි.
එම අවස්ථාවට ඉන්දුනීසියාවේ ශ්‍රී ලංකා තානාපති දර්ශන එම්. පෙරේරා මහතා ප්‍රමඛ තානාපති කාර්යාලයීය නිලධරීහු ද එක්ව සිටියහ.
රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම්, ජාතික ඒකාබද්ධතා සහ සංහිඳියා රාජ්‍ය අමාත්‍ය ඒ. එච්. එම්. ෆවුසි, සංවර්ධන උපාය මාර්ග සහ ජාත්‍යන්තර වෙළෙඳ නියෝජ්‍ය අමාත්‍ය සුජීව සේනසිංහ යන මහත්වරුන් ද මේ සංචාරයට එක්ව සිටියි.
ඉන්දුනීසියාවේ - ජකර්තා නුවර දී අද (02) ආරම්භ වන 12වන ලෝක ඉස්ලාම් ආර්ථික සමුළුවට සහභාගීවීම සඳහා එරටට ගිය අගමැතිවරයා අද සමුළුව ආරම්භයේ විශේෂ දේශනයක් පැවැත්වීමට නියමිතය.
COMMENTS