කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියේ නඩු ගොනුව නිතිපති...
කොළඹ කොටුව ක්‍රිෂ් ට්‍රාන්ස්වර්ඩ් චතුරස්‍රයේ අක්කර 4.3ක් බදු දීමේදී සිදු වී ඇතැයි කියන මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියේ නඩු ගොනුව නිතිපතිවරයාට යොමු කර ඇතැයි මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ (31) කොටුව මහේස්ත්‍රාත් සහ අතිරේක දිසා විනිසුරු ලංකා ජයරත්න මෙනවියට දැනුම් දුන්නේය.
ක්‍රිෂ් ගනුදෙනුව පසුගිය ආණ්ඩුව යටතේ සිදුවුණු අතර එමඟින් මිලියන 70ක මුදලක් අවභාවිත කෙළේ යැයි පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාට එරෙහිව මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය විසින් නඩු පවරා ඇත.
මෙම මුදල් අක්‍රමිකතාව සම්බන්ධ සිද්ධියට ඇප මත සිටින හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි නාමල් රාජපක්ෂ මහතා ඊයේ (31) අධිකරණයේ පෙනී සිටියේය.
මෙම සිද්ධියට සම්බන්ධ වෙනත් සැකකරුවන් අත්අඩංගුවට ගැනීමට නැතැයි මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය අධිකරණයට දන්වා සිටියේය.
මේ සිද්ධියට සම්බන්ධව දූෂණ විරෝධි හඩ සංවිධානය පොලිස්පතිවරයාට සිදු කළ පැමිණිල්ලකට අනුව මූල්‍ය අපරාධ විමර්ශණ කොට්ඨාසය සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන සිදු කර ඇත.
COMMENTS