සාර්ක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට දිවයිනට පැමිණි මාලදිවයින සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් නසීම් ඊබ්‍රහිම් මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර ...
සාර්ක් රටවල සෞඛ්‍ය අමාත්‍යවරුන්ගේ සමුළුවට දිවයිනට පැමිණි මාලදිවයින සෞඛ්‍ය අමාත්‍ය අබ්දුල් නසීම් ඊබ්‍රහිම් මහතා සහ සෞඛ්‍ය අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවක දී මෙි බව ප්‍රකාශ විය. මාලදිවයින් ජාතිකයින්ට ශ්‍රී ලංකාවේ දී වකුගඩු සැත්කම් සිදු කිරිම පිළිබදව මෙහිදී දිර්ඝ ලෙස සාකච්ඡාවට බදුන් විය. මාලදිවයින රජයේ සහතිකය මත එරට ජනතාවට ශ්‍රී ලංකාවේ දී වකුගඩු සැත්කම් සිදු කිරීමට තීරණය ව්ය.
ශ්‍රී ලාංකික ශ්‍රමිකයින් මාලදිවයිනට පැමිණෙන විට ක්ෂය රෝග පරීක්ෂණ සිදු කිරීමේ අවශ්‍යතාවය මාලදිවයින සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. එහිදී සෞඛ්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතා ප්‍රකාශ කළේ ශ්‍රී ලාංකික ශ්‍රමිකයින්ගේ ක්ෂය රෝගය පමණක් නොව, එච්.අයි.වී සහ ඩෙංගු රෝගී තත්ත්වයන් පිළිබද සතියකට වරක් පරීක්ෂා කළ යුතු බවයි. එය දෙරටටම වැදගත් වන බව සෞඛ්‍ය අමාත්‍යවරයා පෙන්වා දෙන ලදී. මේ පිළිබදව සහ වකුගඩු සැත්කම් සිදු කිරීම පිළිබදව සැප්තැම්බර් මස පැවැත්වෙන ලෝක සෞඛ්‍ය සංවිධානයේ දකුණු සහ අග්නිදිග ආසියානු රටවල සැසිවාරයේ දී යළි සාකච්ඡා කර ගිවිසුම් අත්සන් කිරීමට ද හැකි බව සෞඛ්‍ය අමාත්‍යවරයා අවධාරණය කර සිටියේය.
මෙම අවස්ථාවට සෞඛ්‍ය ලේකම් ජනක සුගතදාස මහතා, සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය ජයසුන්දර බණ්ඩාර මහතා ඇතුලු නිලධාරීන් පිරිසක් එක්ව සිටියහ.
COMMENTS