ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වලකාලමින් අභියාචනාධිකරණය ලබාදී තිබූ අතුරු තහනම් නියෝගය නොවැම්බර් මස 17වෙනි දින දක්වා යලි දීර්ඝ කර...
ෆුල්ෆේස් හෙල්මට් නීතිය ක්‍රියාත්මක කිරීම වලකාලමින් අභියාචනාධිකරණය ලබාදී තිබූ අතුරු තහනම් නියෝගය නොවැම්බර් මස 17වෙනි දින දක්වා යලි දීර්ඝ කර තිබේ.
ඊට අදාළ නඩු විභාගය අද (03) අභියාචනාධිකරණ සභාපති විනිසුරු විජිත් මලල්ගොඩ මහතා සහ ප්‍රීති පද්මන් සූරසේන මහතා හමුවේ කැඳවූ අවස්ථාවේ මෙම නියෝගය ලබා දී තිබේ.
මුහුණ සම්පූර්ණයෙන්ම ආවරණය වන ෆුල්ෆේස් හෙල්මට් පැළඳ යතුරු පැදි ධාවනය කළ නොහැකි බවට නීතියක් පදුගිය 2015 වසරේ අප්‍රේල් මස 02වෙනි දින සිට ක්‍රියාත්මක කිරීමට පොලීසිය සූදානම් කර තිබුණු නමුත් ඊට එරෙහිව පුද්ගලයින් 02ක් අභියාචනාධිකරණය හමුවේ පෙත්සම් ගොනු කරනු ලැබීය.
කෙසේවෙතත් ඒ සම්බන්ධ නඩුව ලබන නොවැම්බර් මස 16වැනි දින යළි කැඳවීමට නියමිතය.
COMMENTS