දවසේ පුවත් වෙබ් අඩවිය මෙරට දේශපාලන ප‍්‍රවෘත්ති පාඨක ජනතාවට සැපයීමේ අරමුණින් ක‍්‍රියාත්මක වන ප‍්‍රමුඛ පෙලේ වෙබ් අඩවියකි. අප වෙබ් අඩවිය ජාතිවාදයෙන් තොර සමස්ථ ලාංකිකයින්ටම පොදු අන්තර්ජාල පුවත් භාවිතයක නිරතවන බව අපි මෙසේ වගකීමෙන් දැනුම් දෙන්නෙමු. (බාහිර වෙබ් අඩවි වලින් ගනු ලබන තොරතුරු වල සත්‍යතාවය පිලිබදව අප වගකීම් නොදරන බව කාරුණිකව සලකන්න.)
හෝමාගමට නව නාගරික උද්‍යානයක්!
Homeප්‍රවෘත්ති

හෝමාගමට නව නාගරික උද්‍යානයක්!

PropellerAds

ශ‍්‍රී ලංගමයේත් අවසරය ඇතිව හෝමාගම නගරය මැද තිබූ බස් නැවතුම නාගරික උද්‍යානයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අම...

අධ්‍යාපන අමාත්‍යංශයෙන් පාසල් සඳහා ස්මාර්ට් පන්ති කාමර
පාසලට අනවසරයෙන් ඇතුළු වූ පියෙක් සිසුවෙකුට පහරදෙයි
රැකියා සඳහා විදෙස්ගත වන අයට ඉංග්‍රීසි අනිවාර්ය කරයි
හෝමාගමට නව නාගරික උද්‍යානයක්!

ශ‍්‍රී ලංගමයේත් අවසරය ඇතිව හෝමාගම නගරය මැද තිබූ බස් නැවතුම නාගරික උද්‍යානයක් බවට පත් කිරීමට සැලසුම් කර ඇතැයි මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය පාඨලී චම්පික රණවක මහතා පවසයි.

මාකුඹුර සිට අධිවේගී මාර්ගයේ පිවිසුම දක්වා ප‍්‍රදේශයේ නාගරික උද්‍යානයක් ඉදිකිරීම ලබන වසරේ ආරම්භ කරන බවත් එම නාගරික උද්‍යානයේ ඵලප‍්‍රයෝජනත් 2019 සිට ලබා ගත හැකි බවත් ඇමැතිවරයා සඳහන් කළේය.

අධිවේගී මාර්ගය, හෝමාගම නගරය, තාක්ෂණ නගරය සහ නවෝත්පාදන බලප‍්‍රදේශය එකට යා කරන මාර්ගයක් ඉදිකිරීමට කටයුතු කරන බවත් එහි පළමු පියවර ලබන වසරේ ආරම්භ කිරීමට සූදානම් බවත් හෙතෙම පෙන්වා දුන්නේය.

ඇමැතිවරයා මේ බව පැවසූවේ බස්නාහිර මහානගර සංවර්ධන සැලැස්මට අනුව මහානගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍යාංශය මගින් කි‍්‍රයාත්මක සුඛිත පුරවර සංවර්ධන ව්‍යාපෘතියේ ප‍්‍රතිපාදන මත නාගරික සංවර්ධන අධිකාරියේ අධික්‍ෂණය යටතේ රුපියල් ලක්‍ෂ 1900 ක් වැය කර ඉදිකරන ලද හෝමාගම බස්නැවතුම්පල දෙවන අදියර ජනතා අයිතියට පැවරීමේ අවස්ථාවට එක්වෙමිනි.

එහිදී අදහස් දැක්වූ අමාත්‍යවරයා, “මේක කිසිම දේශපාලන භෙදයකින් තොරව හෝමාගම සියළුම බස් මගීන්ට නාගරික පහසුව සපයන වැදගත් ස්ථානයක්. ඒ අනුව මේ පලවෙනි අදියරින් නිම නොවිච්ච ප‍්‍රශ්ණ දෙකක් හෝමාගම තිබුණා. එකක්, මේ නගරය මධ්‍යයේ බස් නැවතුමක් තිබුණා. තව එකක්, වෙළඳසැලක් අසල බස් නැවතුමක් තිබුණා. ඒ දෙකම අපට මෙතැනට ගෙන එන්න පුළුවන්. ඒ වගේම ශ‍්‍රී ලංගමයේත් අවසරය ඇතිව ඒ නගරය මැද තිබුණු බස් නැවතුම අපි නාගරික උද්‍යානයක් බවට පත් කරනවා. මොකද මේ හෝමාගම වගේ හැම නගරයකම අපට තිබිය යුතුයි නාගරික උද්‍යානයක්.

ඒ වගේම ලබන ජනවාරි මාසයේ අපි මාකුඹුරේ තිබෙන ඒ ප‍්‍රධාන බහුවිධ ප‍්‍රවාහන මධ්‍යස්ථානය විවෘත කරනවා. එතකොට, අධිවේගී මාර්ගයේ එන බස්රථ ඒ වගේම කොළඹ බලා යන බස්රථ, දුම්රිය කියන මේ දෙකම එක මධ්‍යස්ථානයකින් මෙහෙයවෙනවා. ඒ මධ්‍යස්ථානය නිකන්ම නිකන් බස් නැවතුමක් හෝ නිකන්ම නිකන් දුම්රිය ස්ථානයක් නොවෙයි. ඒක මේ ලෝකයේ තිබෙන නවීනතම ප‍්‍රවාහන මධ්‍යස්ථානයක්. ලංකා ඉතිහාසයේ මුලින්ම ජනතා අයිතියට පත්වෙන ප‍්‍රවාහන මධ්‍යස්ථානය බවට ඒ මාකුඹුර ප‍්‍රවාහන මධ්‍යස්ථානය එකතු වෙනවා. ඒකත් අපේ කොට්ටාව මහරගම හා හෝමාගම ජනතාවට විශාල ශක්තියක් වෙනවා.

“ඒ වගේම ඒ එක්කම මේ අවට ප‍්‍රදේශයේ තවත් ඉඩම් අක්කර විශාල ප‍්‍රමාණයක්, වාණිජ, නේවාසික සංවර්ධනයට විවෘත වෙනවා. දැනටමත් විශ්ව විද්‍යාල හතරක් ඒ හෝමාගම තාක්ෂණ නගරයට ඇවිල්ලා ඉවරයි. ඒ විශ්ව විද්‍යාල හතරම තාක්ෂණ පීඨ. ඒ වගේ විශ්ව විද්‍යාල හතරක සෙනඟක් එන විට හෝමාගම හා මේ අවට ප‍්‍රදේශවල ජනතාවට අළුත් සේවාවන් සපයන්න පුළුවන් දියුණු මධ්‍යස්ථානයක් බවට අපි පත්වෙනවා.“යැයි ඇමැතිවරයා වැඩිදුරටත් පැවසී ය.

Name

ආරක්ෂක,354,ඕපදූප,2144,ක්‍රීඩා,101,ගොසිප්,7654,ඡායාරුප,15,දේශපාලන,13387,ප්‍රවෘත්ති,29284,විදෙස්,32,විශේෂ පුවත්,3803,විශේෂාංග,3,හෙලිදරව්ව,140,
ltr
item
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7: හෝමාගමට නව නාගරික උද්‍යානයක්!
හෝමාගමට නව නාගරික උද්‍යානයක්!
http://ift.tt/2zEoLHV
දවසේ පුවත් 24x7 - Dawase Puwath 24x7
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_628.html
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/
https://dawasepuwath.blogspot.com/2017/12/blog-post_628.html
true
5590602525442973499
UTF-8
Loaded All Posts Not found any posts VIEW ALL Readmore Reply Cancel reply Delete By Home PAGES POSTS View All RECOMMENDED FOR YOU LABEL ARCHIVE SEARCH ALL POSTS Not found any post match with your request Back Home Sunday Monday Tuesday Wednesday Thursday Friday Saturday Sun Mon Tue Wed Thu Fri Sat January February March April May June July August September October November December Jan Feb Mar Apr May Jun Jul Aug Sep Oct Nov Dec just now 1 minute ago $$1$$ minutes ago 1 hour ago $$1$$ hours ago Yesterday $$1$$ days ago $$1$$ weeks ago more than 5 weeks ago Followers Follow THIS CONTENT IS PREMIUM Please share to unlock Copy All Code Select All Code All codes were copied to your clipboard Can not copy the codes / texts, please press [CTRL]+[C] (or CMD+C with Mac) to copy